Telegram සහ WhatsApp හරහා සිදුකරන මූල්‍ය වංචා ගැන පොලිසියෙන් දැනුම්දීමක්

අන්තර්ජාලය ඔස්සේ සිදුවන වංචනික ක්‍රියා, විශේෂයෙන් Telegram / WhatsApp ආදී ගිණුම් හරහා සහ වෙනත් සමාජ මාධ්‍ය සමූහ උපයෝගී කර ගනිමින් සිදු කරනු ලබන මූල්‍ය වංචා සම්බන්ධව පැමිණිලි දෛනිකව වාර්තා වෙන බව පොලිසිය පවසනවා.

එමෙන්ම පසුගිය වකවානුව තුළ මෙරට රැඳී සිටිමින් අන්තර්ජාල වංචා කිරීම් වලට සම්බන්ධ විදේශිකයින් අවස්ථා ගණනාවකදී ශ්‍රී ලංකා පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ගත් බවයි පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ.

තාක්ෂණයේ දියුණුවත් සමඟ පරිගණක හෝ ජංගම දුරකථන යොදා ගනිමින් අන්තර්ජාලය හරහා සිදු කරන නීති විරෝධී ක්‍රියාවන්, පුද්ගලික තොරතුරු සොරකම් කිරීම, බැංකු ගිණුම් වලට හොර රහසේ ඇතුල් වීම (Hacking) සමාජ මාධ්‍ය ගිණුම් අත්පත් කර ගැනීම්, සහ ව්‍යාජ වෙබ් අඩවි නිර්මාණය කර මුදල් වංචා කිරීම් ආදී අන්තර්ජාල වංචාවන්හි වර්ධනයක් ද මේ වන විට දක්නට ඇති බවත් එම නිවේදනයේ සඳහන්.

මෙහිදී, පුද්ගලයින් වංචනිකව රවටා ඔවුන්ගේ ගිණුම් අංක, මුරපද, (User Name /Password) OR කේත ආදී රහස්‍ය තොරතුරු ලබා ගනිමින් මහා පරිමාණ ලොතරැයි ත්‍යාග ලබා දෙන බවට පවසා, ක්ෂණික ණය පහසුකම් ලබා දෙන බවට පවසා, වටිනා ත්‍යාගයක් හිමි වී ඇති බවට පවසා, මාර්ගගත රැකියා අවස්ථා ලබා දෙන බවට පවසා, විවිධ ගිණුම් වලට මුදල් බැර කර ගැනීම, යුරෝපීය රටවල රැකියා සහ උසස් අධ්‍යාපනය සඳහා අවස්ථා සලසා දෙන බව පවසා අන්තර්ජාලය ඔස්සේ පුද්ගලයන් රැවටීමට ලක්කර විශාල ලෙස මුදල් වංචා කිරීමේ සිදුවීම් වලට අදාල පැමිණිලි වාර්තා වීමේ ප්‍රවණතාවයක් මේ වන විට නිරීක්ෂණය වී ඇති බවත් පොලිසිය පවසනවා.

මෙවැනි තත්ත්වයන් උද්ගත වීමට හේතුව ලෙස, ජනතාව තුල පවතින අන්තර්ජාල ආරක්ෂාව පිළිබඳ දැනුවත් භාවය අඩු වීම, දුර්වල මුරපද භාවිතය, නොදන්නා සබැඳි (Links) විවෘත කිරීම සහ ව්‍යාජ පණිවිඩ වලට රැවටීම යන කරුණු දැක්විය හැකි බවත් පොලිසිය පෙන්වා දෙනවා.

එබැවින් අන්තර්ජාලය භාවිතා කිරීමේදී මෙවැනි වංචා සම්බන්ධයෙන් අවබෝධයෙන් ක්‍රියා කරන ලෙසටත්, රැකියා අවස්ථා වලට සහ උසස් අධ්‍යාපන කටයුතුවලට යොමු වීමේදී රජයේ අනුමැතිය ලත් ආයතනවලින් සහ විදේශ සේවා නියුක්ති කාර්යංශය වැනි රජයේ ලියාපදිංචි ආයතන තුලින් පමණක් මෙවැනි අවස්ථා ලබා ගැනීමට මහජනතාව කටයුතු කළ යුතු බවටත් දැනුම් දෙන අතර අන්තර්ජාලය භාවිතා කිරීමේදී පහත කරුණු සම්බන්ධයෙන් දැනුවත්ව ක්‍රියා කරන ලෙසට පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

  • භාවිතා කරනු ලබන සමාජ මාධ්‍ය ජාලා (Telegram / WhatsApp හෝ වෙනත්) ගිණුම් තුල නොදන්නා පුද්ගලයින් හා නොදන්නා සමාජ මාධ්‍ය සමූහ මඟින් විවිධ ආදායම් මාර්ග ලබා දෙන බව සඳහන් කරමින් සිදු කරනු ලබන වංචනික පෙළඹවීම් වලට හා ක්‍රියාවන්ට හසු නොවීම.
  • නොදන්නා පුද්ගලයින් හා සමාජ මාධ්‍ය ජාලා සමූහ මඟින් පල කරනු ලබන අන්තර්ජාල දිගු හා ස්කෑන් කේත භාවිතයෙන් වැලකීම
  • සයිබර් අවකාශය තුල නොදන්නා පුද්ගලයින්ගේ ගිණුම් වෙත මුදල් බැර කිරීම, ඔවුන් සමඟ බැංකු තොරතුරු හුවමාරු කර ගැනීම, සිය බැංකු ගිණුම් වෙනත් පුද්ගලයින් වෙත භාවිතය සඳහා අවසර ලබා දීමෙන් වැළකීම,
  • පුද්ගලික තොරතුරු, ගිණුම් අංක, මුරපද OTP කේත බාහිර පුද්ගලයින් සමඟ කිසිම අවස්ථාවකදී හුවමාරු කර නොගැනීම.
  • නොදන්නා පුද්ගලයින් ලබා දෙන ජංගම යෙදවුම් ස්ථාපනය කිරීමේදී හා අන්තර්ජාල දිගු භාවිතා කිරීමේදී ආරක්ෂිත උපක්‍රම පිළිබඳ සැලකිලිමත් වීම හා විද්‍යුත් උපකරණයේ පවතින ප්‍රවේශ අවසරය ලබා නොදීම.

මෙවැනි මූල්‍ය අක්‍රමිකතා සිදු කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියාකරන ලෙසට දිවයිනේ සියළු පොලිස් ස්ථාන දැනුවත් කරමින් පොලිස්පතිතුමා විසින් අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවත්, එමෙන්ම මේ සම්බන්ධව ක්‍රියා කිරීම සඳහා පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාස වෙත උපදෙස් ලබා දී ඇති බවත් නිවේදනයේ සඳහන්.

එසේම මහජනතාවට පහත දුරකථන අංක ඔස්සේ මෙවැනි වංචනික ක්‍රියා සම්බන්ධව පොලිසිය දැනුවත් කිරීමේ හැකියාව පවතින් බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය අධික්ෂණ නිලධාරීන්- 071 8592918, 071-8591765

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය – 011 2300756

තවද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ලිඛිතව පැමිණිලි කිරීමේ හැකියාවද මහජනතාවට පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
02:40
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
00:47
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
02:12
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
01:35
Video thumbnail
එන්න එන්නම දරුණු වෙන ඩෙංගුව ගැන විශේෂ හෙළිදරව්වක්
06:44