චමරිගෙන් 100ක් – ශ්‍රී ලංකාවෙන් මැලේසියාවට අසීරු ඉලක්කයක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු මැලේසියාවට එරෙහි ව ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා.

ඒ ඇයගේ තෙවැනි T20 ශතකයයි.

පන්දු 63ක දී ලකුණු 101ක් චමරිගේ සුපිරිම ඉනිම ඉදිරියෙන් ලියැවුණා.

නායිකා චමරි අතපත්තු පන්දුවාර 20 අවසානයේ දී නොදැවී පන්දු 65ක දී ලකුණු 119ක් ලබා සිටියා.

ඊට දැවැන්ත හයේ පහර 07ක් සහ හතරේ පහර 14ක් ඇතුළත් වුණා.

මෙම ශතකයත් සමග ආසියානු කුසලානයක ශතකයක් රැස් කළ පළමු වැනි ක්‍රීඩිකාව බවට ද චමරි අතපත්තු අද දිනයේ දී ඉතිහාසගත වුණා.

චමරිගේ සුපිරි ඉනිමට අනගි සහායක් දක්වමින් අනුෂ්කා සංජීවනී ලකුණු 31ක් ලබා ගත්තා.

චමරි හා අනුෂ්කා අතර පන්දු 65ක දී දැවැන්ත ලකුණු 115ක සබඳතාවක් ද ගොඩනැගුණා.

හර්ෂිතා සමරවික්‍රම ලකුණු 26යි.

පන්දුවාර 20 අවසානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 04ක් දැවී ලකුණු 184ක් ලබා ගත්තා.

කඩුලු බිඳ දැමීමේ දී මැලේසියාව වෙනුවෙන් Winifred Duraisingam කඩුලු 02ක් සහ Suabika Manivannan හා Mahirah Izzati Ismail එක් කඩුල්ල බැගින් බිඳ දැමුවා.

ඒ අනුව තරගය ජය ගැනීමට මැලේසියානු කාන්තා කණ්ඩායම පන්දු 120ක් තුළ ලකුණු 185ක් ලබා ගත යුතු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45


?