T20 කාන්තා ලෝක කුසලානයේ සත්කාරකත්වයෙන් බංග්ලාදේශය ගැලවෙයි?

බංග්ලාදේශය තුළ මේ වනවිට ඇති ව තිබෙන වියවුල්කාරී දේශපාලනික අස්ථාවරත්වය හේතුවෙන් එළඹෙන ඔක්තෝම්බරයේ එරට සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිත කාන්තා පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානය වෙනත් රටක පැවැත්වීම කෙරෙහි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමු ව තිබෙනවා.

www.espncricinfo.com වෙබ් අඩවිය වාර්තා කරන පරිදි මෙම ලෝක කුසලානය එළඹෙන ඔක්තෝම්බර් මස 03 වැනි දින බංග්ලාදේශයේ මීර්පූර්හි දී පැවැත්වීමට කටයුතු යොදා තිබුණා.

නමුත් ඊයේ (05) දිනයේ දී බංග්ලාදේශයේ දෙවරක් අගමැති ධුරයෙහි කටයුතු කළ ෂීක් හසීනා සිය ධුරයෙන් නිල වශයෙන් ඉල්ලා අස්වීමත් සමග එරට විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව, අගමැති නිල නිවස ආදිය ඇතුළු රාජ්‍ය පොදු දේපොළ සියල්ල ම ආක්‍රමණය කර ඇති බවයි වාර්තා වුණේ.

එරට හමුදා ප්‍රධානියා පැවසුවේ ඉදිරියේ දී අන්තර් වාර ආණ්ඩුවක් පිහිටුවන බවයි.

මෙවන් පසුබිමක් මත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එළඹෙන කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය බංග්ලාදේශයෙන් පිටතට රැගෙන යාමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව විකල්ප සත්කාරකත්ව දේශ ලෙස ලැයිස්තුවේ ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ.

මේ තත්ත්වය මත බංග්ලාදේශයේ කාන්තා ක්‍රිකට්‍ A කණ්ඩායම පාකිස්ථානය බලා පිටත්ව යාම පැය 48කින් කල් දමා තිබෙනවා.

බංග්ලාදේශයේ විරෝධතා හේතුවෙන් එරට ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මෂ්‍රරෆි මොටාසාගේ නිවසට ද විරෝධතාකරුවන් ප්‍රහාර එල්ල කර විනාශ කර ඇති බවත් වාර්තා වනවා.

මෙවර පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට රටවල් 10ක් එක්වන අතර එය ඔක්තෝම්බර් මස් අ03 සිට 20 තෙක් පැවැත්වීමටයි සැලසුම් සකස් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
10
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46