STF එස්.අයිගේ ෆේස්බුක් සාදයක් වටලා හයක් අත්අඩංගුවට

මහවෙල ප්‍රදේශයේ හෝටලයක සංවිධානය කර තිබූ ෆේස්බුක් සාදයක් වටලා මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි උප පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළු හයදෙනෙකු අත්අඩංගුවට ගත් බව මහවෙල පොලිසිය පවසනවා.

ලැබුණු තොරතුරක් මත ඊයේ (01) රාත්‍රියේ මොවුන් පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අතර සිටින උප පොලිස් පරීක්ෂකවරයා විසින් ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සාදය සංවිධානය කර තිබූ බවයි අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා ජයවර්ධනපුර පොලිස් විශේෂ කාර්ය බළකාය කඳවුරට අනුයුක්තව විශේෂ යතුරුපැදි අංශයේ රාජකාරී කරන නිලධාරියකු බවයි මහවෙල පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් අවුරුදු 25ත් 35ත් අතර වයස්වල පසුවන අයවලුන් බවයි වාර්තා වන්නේ.

මෙම සාදයට ඇතුළු වීම සඳහා එක් පුද්ගලයෙකුගෙන් රුපියල් 3,000ක මුදලක් අය කරගෙන තිබූ බවයි හෙළිව ඇත්තේ.

අත්අඩංගුවට පත් පුද්ගලයින් සන්තකයේ තිබී ගංජා, හෑෂ්, මදන මෝදක, මත්පෙති වැනි මත්ද්‍රව්‍ය සොයාගත් බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

මොවුන් අද (02) දිනයේ නාඋල අධිකරණය වෙත ඉරිදිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
3
+1
36
+1
5
+1
3
+1
4
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45
Video thumbnail
මවගෙන් වෙන්ව සිටි බිළිඳාව නැවත මව වෙතට ගෙන දුන් අපේ වීරයෝ
01:31
Video thumbnail
මුට්ට කරගහන එක නවත්තන්න..ඔයාලා විපක්ෂය නෙවෙයි..නලීන් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
14:42


?