“Peace Ark” නෞකාව නිරීක්ෂණයට අගමැතිනිය එක්වෙයි – නාවික හමුදාපතිත් හමුවෙයි (වීඩියෝ)

දිවයිනට ළඟා වූ චීන රෝහල් නෞකාව වන “Peace Ark”; අග්‍රාමාත්‍ය ආචාර්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ නිරීක්ෂණයට ලක් ව තිබෙනවා.

චීන රජයේ Mission Harmony-2024 වැඩසටහනේ කොටසක් ලෙස කොළඹ වරායට ළඟා වී ඇති මෙම නෞකාව චීන නාවික හමුදාවට අයත් රෝහල් නෞකාවක්.

“Peace Ark” නෞකාව දෙසැම්බර් 21 වන දින කොළඹ වරායට සේන්දු වුණා.

දෙසැම්බර් 22 සිට දෙසැම්බර් 27 දක්වා මෙරට ජනතාවට නොමිලේ වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර සේවා මෙමගින් ලබාදෙනු ඇති.

සිය සංචාරයේ දී අග්‍රාමාත්‍යවරිය සාම නෞකාව ඇතුළත් වැඩසටහනේ මානුෂීය ප්‍රයත්නයන් ඇගයීමට ලක් කළ අතර, ශ්‍රී ලාංකීය ජනතාව වෙත මෙම සුහදත්වය ප්‍රකාශ කිරීම පිළිබඳව චීන රජයට ප්‍රසාදය පළ කළා.

ද්විපාර්ශ්වික සබඳතා පවත්වා ගැනීම සහ මහජන සෞඛ්‍යයට සහාය වීම සඳහා එවැනි ප්‍රයත්නයන්හි වැදගත්කම අග්‍රාමාත්‍යවරිය එහිදී අවධාරණය කළා.

ශ්‍රී ලංකාව සහ චීනය අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා නෞකාවේ මෙහෙවරෙහි වැදගත්කම චීන තානාපතිවරයා අවධාරණය කළ අතර නෞකාවේ වෛද්‍ය කණ්ඩායම විසින් නෞකාවේ පවතින නවීන පහසුකම් සහ සේවාවන් පිළිබඳව ද පැහැදිලි කළා.

මේ අතර Peace Ark’ රෝහල් නෞකාවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් නාවික හමුදාධිපති ද මුණ ගැහී තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය අංශය නිවේදනය කළේ; නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි මහජන චීන විමුක්ති යුද නාවික හමුදාවේ (Chinese People’s Liberation Army Navy) ‘Peace Ark’ රෝහල් නෞකාවේ රියර් අද්මිරාල් YING Hongbo සහ රියර් අද්මිරාල් HE Yongming ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් ඊයේ (23) නාවික හමුදා මූලස්ථානයේ දී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමු වූ බවයි.

මෙම නිල හමුවේ දී නාවික හමුදාධිපති සහ ‘Peace Ark’ රෝහල් නෞකාවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් අතර, එම නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළ දී, ශ්‍රී ලංකා නාවික හමුදා වෛද්‍ය අංශයේ ද දායකත්වය සහිතව සිදු කිරීමට අපේක්‍ෂිත වෛද්‍ය සායන සහ විශේෂ ප්‍රතිකාර ඇතුළු වැඩසටහන් සම්බන්ධයෙන් මෙන් ම, ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ ව සුහද පිළිසඳරක් පැවැත්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10