One Way නීතිය ගාලු කොටුවෙන් ඉවත් කෙරේ

ගාල්ල කොටුව තුළ ක්‍රියාත්මක වූ ‘වන් වේ’ නැතහොත් එක් මංතීරු නීතිය ඉවත් කර තිබෙනවා.

අද (04) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නීතිය ඉවත් කර ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

සංචාරක ගාල්ල කොටුව තුළ එක් දිසාවකට (one way) පමණක් රථ වාහන ධාවනය කිරීමේ නීතිය මීට පෙර ක්‍රියාත්මක වුණා.

එය අද සිට නවතා දැමීමට කටයුතු කර ඇත්තේ ගාල්ල මහනගර සභාවේ රථවාහන කමිටුව විසින්.

මෙම මංතීරු නීතිය නිසා තමන් මහත් අපහසුවට පත්ව ඇතැයි ත්‍රිරෝද රථ රියදුරන්, අධිකරණයට පැමිණෙන ජනතාව, නිතිඥවරු, ව්‍යාපාරිකයින් ඇතුලු මහජනතාව ඉකුත් දිනවල චෝදනා එල්ල ‍කර තිබෙනවා.

එල්ල වූ ජනතා විරෝධය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව ද ගාල්ල මහ නගර සභාව පවසනවා.

ඒ අනුව අද සිට ගාලු කොටුවට තුළට පැරැණි කොටු දොරකඩින් සහ නව කොටු දොරකඩින් පෙර පරිදිම වාහන ඇතුල්වීම හා පිටවීම සිදු කළ හැකි බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17
Video thumbnail
ඇයි වයසක අපිව මෙහෙම රැවට්ටුවේ - වැඩි කරනවා කියපු අපේ විශ්‍රාම වැටුප කෝ
08:23
Video thumbnail
ගාන්ධිතුමාගේ සරලකම ගැන ඔබ නොදත් කතාව
03:27
Video thumbnail
පිල්ලයාන් ගත්තා කියලා දැනගත්ත ගමන් මිනිස්සු පාරට බැහැලා සතුට සමරපු හැටි
00:19
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක
00:32
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක - මර්වින්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්
05:34
Video thumbnail
වසන්ත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපි තමයි අපේ රටේ ත්‍ර#තවාදය පරාජය කළේ
20:26

?