logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

LPL සමාරම්භය ඇරඹෙයි – පළමු තරගයේ කාසියේ වාසිය කැන්ඩිවරුන්ට

2024 වර්ෂයට අදාළ ව පවත්වන ලංකා ප්‍රීමියර් ලීග් (LPL) තරගාවලිය අද (01) ආරම්භ වුණා.

අද පස්වරු 6 ට එහි සමාරම්භක උත්සවය පැවැත්වුණේ මහනුවර – පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී යි.

තරගයේ සමාරම්භය සනිටුහන් කරමින් අද රාත්‍රී 7ට කාසියේ වාසිය උරගා බැලීම සිදු කෙරුණා.

ඒ කැන්ඩි ෆැල්කොන්ස් සහ දඹුල්ල සික්සර්ස් යන කණ්ඩායම් ද්විත්වය අතර යි.

ඒ අනුව අද තරගයේ පළමු කාසියේ වාසිය දිනා ගැනීමට කැන්ඩි ෆැල්කන් කණ්ඩායම සමත් වුණා.

ඔවුන් තීරණය කළේ පළමු ව පන්දුවට පහරදීමට දඹුල්ල සික්සර්ස් කණ්ඩායමට ආරාධනා කිරීමටයි.

කැන්ඩි කණ්ඩායමේ නායකත්වය තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග හට හිමි ව තිබෙනවා.

මොහොමඩ් නබී දඹුල්ල සික්සර්ස් කණ්ඩායමේ නායකයා යි.

මේ අතර ඔස්ට්‍රෙලියාවේ දී අපරාධ චෝදනා ලබා පසුව දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කෙරූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලක ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියට මෙවර එක් ව වනවා.

ක්‍රිකට් තහනම ඉවත් වීමෙන් පසුව ධනිෂ්ක එක්වන පළමු තරගාවලිය ද මෙයයි.

ධනිෂ්ක ගුණතිලක දඹුල්ල සික්සර්ස්වරුන් වෙනුවෙන් ක්‍රීඩා කරනු ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර මෙවර ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය සඳහා කණ්ඩායම් 05ක් එක් ව සිටිනවා.

එය පිළිවෙළින් කැන්ඩි ෆැල්කොන්ස් (Kandy Falcons), දඹුල්ල සික්සර්ස් (Dambulla Sixers), කොළම්බු ස්ට්‍රයිකර්ස් (Colombo Strikers), ගෝල් මාර්වල්ස් (Galle Marvels) සහ ජැෆ්නා කින්ග්ස් (Jaffna Kings) යන කණ්ඩායම් වනවා.

එම කණ්ඩායම්වල පිළිවෙළින් නායකත්වය හිමි ව ඇත්තේ, වනිඳු හසරංග, මොහොමඩ් නබී, තිසර පෙරේරා, නිරෝෂන් දික්වැල්ල හා චරිත් අසලංක යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
6
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සම්පන්දන් අවසන් වරට පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණි අවස්ථාව #Rsampandan #parliament
01:31
Video thumbnail
දසත සවස 6.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය SupremeTV තුළින් බලාපොරොත්තු වන්න…
00:43
Video thumbnail
හදිසියේම G.L. පීරිස්ගෙන් විශේෂ ප්‍රකාශයක් - "ජනපතිගේ නිල කාලයට වෙන්න යන දේ" #ranilwickremesinghe
05:44
Video thumbnail
හදිසියේම විශේෂ ප්‍රකාශයක් කරමින් ජනපතිගෙන් සැර අවවාදයක් #ranilwickremesinghe #PMD
08:25
Video thumbnail
පාරිභෝගික අධිකාරියට ජනතාව කළ චෝදනාව - "අපි මේවට දැඩි පියවර ගන්නවා" #Consumer_Authority
03:00
Video thumbnail
නාමල් මහා සෙනඟක් අරගෙන කොටුවට #jvp #Namal
01:04
Video thumbnail
"අපි කොයිම වෙලාවකවත් පැනලා ගියේ නෑ" #sjb #sajithpremadasa
18:46
Video thumbnail
ජනාධිපතිවරණය කල් දාන්න හදන අලුත්ම සැලැස්ම
10:30
Video thumbnail
පාර්ලිමේන්තුව බලා රැගෙන ගිය සම්පන්දන්ගේ දේහය
01:56
Video thumbnail
සජිත්ටයි අනුරටයි දිනන්න බෑ - මෙන්න සාක්ෂි
09:03

?