LPL සමාරම්භය ඇරඹෙයි – පළමු තරගයේ කාසියේ වාසිය කැන්ඩිවරුන්ට

2024 වර්ෂයට අදාළ ව පවත්වන ලංකා ප්‍රීමියර් ලීග් (LPL) තරගාවලිය අද (01) ආරම්භ වුණා.

අද පස්වරු 6 ට එහි සමාරම්භක උත්සවය පැවැත්වුණේ මහනුවර – පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී යි.

තරගයේ සමාරම්භය සනිටුහන් කරමින් අද රාත්‍රී 7ට කාසියේ වාසිය උරගා බැලීම සිදු කෙරුණා.

ඒ කැන්ඩි ෆැල්කොන්ස් සහ දඹුල්ල සික්සර්ස් යන කණ්ඩායම් ද්විත්වය අතර යි.

ඒ අනුව අද තරගයේ පළමු කාසියේ වාසිය දිනා ගැනීමට කැන්ඩි ෆැල්කන් කණ්ඩායම සමත් වුණා.

ඔවුන් තීරණය කළේ පළමු ව පන්දුවට පහරදීමට දඹුල්ල සික්සර්ස් කණ්ඩායමට ආරාධනා කිරීමටයි.

කැන්ඩි කණ්ඩායමේ නායකත්වය තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග හට හිමි ව තිබෙනවා.

මොහොමඩ් නබී දඹුල්ල සික්සර්ස් කණ්ඩායමේ නායකයා යි.

මේ අතර ඔස්ට්‍රෙලියාවේ දී අපරාධ චෝදනා ලබා පසුව දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කෙරූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලක ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියට මෙවර එක් ව වනවා.

ක්‍රිකට් තහනම ඉවත් වීමෙන් පසුව ධනිෂ්ක එක්වන පළමු තරගාවලිය ද මෙයයි.

ධනිෂ්ක ගුණතිලක දඹුල්ල සික්සර්ස්වරුන් වෙනුවෙන් ක්‍රීඩා කරනු ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර මෙවර ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය සඳහා කණ්ඩායම් 05ක් එක් ව සිටිනවා.

එය පිළිවෙළින් කැන්ඩි ෆැල්කොන්ස් (Kandy Falcons), දඹුල්ල සික්සර්ස් (Dambulla Sixers), කොළම්බු ස්ට්‍රයිකර්ස් (Colombo Strikers), ගෝල් මාර්වල්ස් (Galle Marvels) සහ ජැෆ්නා කින්ග්ස් (Jaffna Kings) යන කණ්ඩායම් වනවා.

එම කණ්ඩායම්වල පිළිවෙළින් නායකත්වය හිමි ව ඇත්තේ, වනිඳු හසරංග, මොහොමඩ් නබී, තිසර පෙරේරා, නිරෝෂන් දික්වැල්ල හා චරිත් අසලංක යි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
08:07:02
Video thumbnail
දිවුලපිටියේ වේගවත් සංවර්ධනය ගැන මාලිමා සභාපති හෙළිකරයි - ජාවාරම්කාරයන් බහුල වුණ ප්‍රදේශයක් තිබුණේ
03:56
Video thumbnail
දළඳා වහන්සේ තැන්පත් කිරීමට ලැබුණ ස්වර්ණමය කරඬුව ගැන විශේෂ ප්‍රකාශයක්
01:36
Video thumbnail
අර්චුනා ආණ්ඩුවට දැම්ම සැර හින්ට් එක ? අඩිය ගහන්නෙත් නෑ අපි එක්ක බොන්න එන්නෙත් නෑ
00:42
Video thumbnail
සජබය හොයාගෙන ආ ප්‍රබලයින් - 22කට එරෙහිව ලොකු වැඩක් කරන්න යන්නේ
01:05
Video thumbnail
අපි 23 වෙනිදා කොළඹට ලක්ෂයක් ගේනවා..මෛත්‍රී ගුණරත්න කියයි
02:33
Video thumbnail
ලංකාවේ රජ කළ පාතාලය වෙන රටවලට දිව්වේ අපේ ආණ්ඩු කාලයේ - හැම රජයක්ම පාතාල කල්ලි කුදලන් ආවා
02:58