ISIS සංවිධානයට සල්ලි පොම්ප කරලා – සැකකරුවන් 15ක් ගැන TIDය විමර්ශන අරඹයි

ISIS විදේශීය අන්තවාදී ත්‍රස්ත සංවිධාන මෙරට ව්‍යාප්ත කිරීමට ආධාර අනුබල දෙමින්, ඒ සඳහා මූල්‍ය ආධාර ලබාදුන් බව කියන සැකකරුවන් 15ක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ඊයේ (17)
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ළහිරු සිල්වා මහතා හමුවේ දැන්වූවා.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි විමර්ශන නිලධාරියා පැමිණිලි 15ක් ගොනු කරමින් මෙලෙස දන්වා සිටියා.

ත්‍රස්ත හා මූල්‍ය විමර්ශන අංශ ස්ථානාධිපති විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙහි විමර්ශන කටයුතු සිදුකරන බවයි ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය අධිකරණයට දන්වා සිටියේ.

පාස්කු ප්‍රහාරය එල්ල කර සංවිධාන සාමාජිකයන් හට අන්තවාදී දේශන පැවැත්වීම ඇතුළු ISIS සංවිධානයේ ක්‍රියාකාරකම් සඳහා ආධාර අනුබල ලබාදීම සහ මූල්‍ය ආධාර ලබාදී ඇති බවට ද තොරතුරු අනාවරණය වන බවයි විමර්ශන නිලධාරියා අධිකරණයට දැනුම් දුන්නේ.

මෙම සැකකරුවන් අතරින් ඇතැම් සැකකරුවන්ට පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කොට ඇති බවත්, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වැඩිදුරටත් කරුණු දක්වමින් පැවසුවා.

අල් කයිඩා හා අයි,එස්, අයි.එස් ත්‍රස්ත සංවිධානවල දේශනාවලට සහභාගිවීම, එම ත්‍රස්ත සංවිධානවලට මුදල් සැපයීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදුකරන බව පැවසුවා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උත්සව සමයට ගම්බිම් බලා යාමට විශේෂ දුම්රිය සේවාවන් රැසක්..පා පුවරුවේ ගමන් කරන විට ආරක්ෂාකාරි වෙන්න
01:26
Video thumbnail
හූ..ලැජ්ජා නැද්ද යකෝ - NPP සෙට් එක නිසා මාතර සමූපකාර රෝහලේ දැඩි උණුසුම් තත්ත්වයක්
16:37
Video thumbnail
CTB බස් එකේ යනවනම් අවුරුදු තෑගි..ගන්න ටිකට් සුරක්ෂිතව තියාගන්න
04:10
Video thumbnail
නාමල් ඔය කියන පාටි දැම්මේ නෑ..නාමල්ගේ උපන්දිනය ක්‍රේන්ද්‍රකරගෙන මාලිමාව බොරු ප්‍රචාර යවනවා
02:43
Video thumbnail
ගම්බිම් බලා යන ජනතාවගේ අඩුවක්..කෝච්චි බස් තියෙනවා - සෙනඟ අඩුයිනේ..හෙට කොහොමත් නැතිවෙයි
02:07
Video thumbnail
කෝප් සභාපති ඔයා ඉල්ලා අස් වෙන්න ඕනි..ඊයේ මහජන විශ්වාසය සම්පූර්ණයෙන්ම පළුදු වුණා
04:45
Video thumbnail
ටැප් කඩපුවට CIDට ආ සෙට් එක කිව්ව කතා එක පෙළට.."මම සංවිධායක ධුරයක් දරන්නේ නෑ"
01:18
Video thumbnail
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ලෝක බැංකු ණය දීර්ඝ කිරීමට අපිත් ඉල්ලීම් කරන්නම් l Sajith Premadasa
07:21
Video thumbnail
"සර්වජනයේ ටිකිරිලියා ටැප් කඩන්න කොළඹ ගියා"."අවු:15කින් මම ඔය පැත්තට ගිහින්වත් නෑ.."හෙන්චයියන්ම කඩලා
07:52
Video thumbnail
කරාම කැඩුවේ නාමල්ගේ පක්ෂයේ තරුණයෙක්ද ?පසන් සාක්ෂි එක්කම හෙළිකරයි
10:46