ISIS සංවිධානයට සල්ලි පොම්ප කරලා – සැකකරුවන් 15ක් ගැන TIDය විමර්ශන අරඹයි

ISIS විදේශීය අන්තවාදී ත්‍රස්ත සංවිධාන මෙරට ව්‍යාප්ත කිරීමට ආධාර අනුබල දෙමින්, ඒ සඳහා මූල්‍ය ආධාර ලබාදුන් බව කියන සැකකරුවන් 15ක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ඊයේ (17)
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ළහිරු සිල්වා මහතා හමුවේ දැන්වූවා.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි විමර්ශන නිලධාරියා පැමිණිලි 15ක් ගොනු කරමින් මෙලෙස දන්වා සිටියා.

ත්‍රස්ත හා මූල්‍ය විමර්ශන අංශ ස්ථානාධිපති විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙහි විමර්ශන කටයුතු සිදුකරන බවයි ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය අධිකරණයට දන්වා සිටියේ.

පාස්කු ප්‍රහාරය එල්ල කර සංවිධාන සාමාජිකයන් හට අන්තවාදී දේශන පැවැත්වීම ඇතුළු ISIS සංවිධානයේ ක්‍රියාකාරකම් සඳහා ආධාර අනුබල ලබාදීම සහ මූල්‍ය ආධාර ලබාදී ඇති බවට ද තොරතුරු අනාවරණය වන බවයි විමර්ශන නිලධාරියා අධිකරණයට දැනුම් දුන්නේ.

මෙම සැකකරුවන් අතරින් ඇතැම් සැකකරුවන්ට පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කොට ඇති බවත්, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වැඩිදුරටත් කරුණු දක්වමින් පැවසුවා.

අල් කයිඩා හා අයි,එස්, අයි.එස් ත්‍රස්ත සංවිධානවල දේශනාවලට සහභාගිවීම, එම ත්‍රස්ත සංවිධානවලට මුදල් සැපයීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදුකරන බව පැවසුවා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට නියෝග කළා.

  1. ශක්තිමත්ව ඉදිරියටම යමු. ප්‍රජාතන්ත්‍රවාදය ට මුවා වී මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදය ලංකාව තුල ක්‍රියාත්මක වීම පරාජය කරමු. ඊශ්‍රායලය ඇමරිකානු හා ඉන්දීය සහාය වහාම ලබා ගෙන ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව හා පොලිසිය ශක්තිමත් කරමු. ඊශ්‍රායලය හැර අරාබිකරයට ලාංකික ශ්‍රමිකයන්ව යැවීම වහාම තහනම් කරමු.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14
Video thumbnail
අනේ හාමුදුරුවනේ අමු පචකාරයෝ ඉන්නේ - පොඩි ළමයිනේ..ගිණුම හොයාගන්න බැරි බබාලා
11:47
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01