IPL 2025 තරගාවලිය පුරා ම ක්‍රීඩකයින් දැක්වූ දස්කම්වලට ඇගයීම් රැසක්

IPL 2025 තරගාවලියේ සම්මාන රාත්‍රිය ද ඊයේ (03) පැවැත්වුණා.

එහිදී තරගාවලිය පුරා ම පිතිකරණයෙන්, පන්දුවෙන්, පන්දු රැකීමෙන්, තුන් ඉරියව්වෙන් ම දක්ෂතා දක්වන ලද ක්‍රීඩකයින් ඇගයීම ද සිදු කෙරුණේ රැස් ව සිටි ක්‍රීඩා ලෝලීන්ගේ අත්පොළසන් හඬ මධ්‍යයේදීයි.

එහිදී ”RuPay On-the-go 4s of the Season සම්මානයෙන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ සායි සුදර්ශන් පිදුම් ලැබුවා.

Curvv Super Striker of the Season සම්මානය හිමි වූයේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ නවක ක්‍රීඩක වෛභව් සූර්යයවංශි හටයි.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ පන්ජාබ් කිංග්ස් අතර තරගයේ දී RuPay On-the-go 4s සම්මානය ප්‍රියන්ෂ් ආර්යා වෙත හිමි වුණා.

එමෙන්ම ජිතේෂ් ශර්මාට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ පන්ජාබ් කිංග්ස් අතර තරගයේ The Curvv Super Striker of the Match සම්මානය හිමි වුණා.

මෙවර තරගාවලියේ වැඩිම ලකුණුලාභියා සහ වැඩිම හතරේ පහර (88) සංඛ්‍යාවක් එල්ල කළ ක්‍රීඩකයා වූයේ සායි සුදර්ශන්.

වැඩිම ඩොට් බෝල්ස් සංඛ්‍යාවක් (151) තරගාවලිය පුරා ම යැවීමේ ගෞරවය හිමි වූයේ ගුජරාට් කණ්ඩායමේ මොහොමඩ් සිරාජ්ටයි.

එමෙන්ම තරගාවලිය තුළ රැකගත් විශිෂ්ටතම උඩ පන්දුවට හිමි සම්මානය සන් රයිසස් හයිද්‍රාබාද් හි කමිඳු මෙන්ඩිස් විසින් දිනාගනු ලැබුවා.

ලක්නව් සුපර් ජෑන්ට්ස් කණ්ඩායමේ නිකලස් පූරන් වැඩිම හයේ පහර සංඛ්‍යාවක් (40) එල්ල කළ ක්‍රීඩකයාට හිමි සම්මානයට පාත්‍ර වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
39
+1
2
+1
20
+1
2
+1
2
+1
7
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?