IPL ක්‍රිකට් වසන්තය අද ඇරඹේ – පළමු තරගයට වැස්සෙන් විශාල අවදානමක්

ලොව ධනවත්ම ක්‍රිකට් ලීගය වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අද (22) ආරම්භ වනවා.

මෙවර තරගාවලියේ පළමු තරගය ලෙස වත්මන් ශූර කොල්කටා නයිට් රයිඩර්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් තරග බිමට පිවිසීම නියමිතයි.

කොක්කටා හී ඊඩ්න් ගාර්ඩන් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගය අද (22) රාත්‍රී 7.30ට ආරම්භ වනවා.

මෙවර තරගවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් 08 දෙනෙකු එක්ව සිටිනවා.

මතිෂ පතිරණ, මහිෂ් තීක්ෂණ, වනිඳු හසරංග, නුවන් තුෂාර, එෂාන් මාලිංග, දුෂ්මන්ත චමීර, කමිඳු මෙන්ඩිස් සහ දසුන් ශානක මෙවර තරගාවලිය වෙනුවෙන් එක්ව සිටින ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් වනවා.

මේ අතර අද (22) පැවැත්වෙන පළමු තරගය බොහෝ දුරට සම්පූර්ණයෙන්ම අතහැර දැමීමේ විශාල අවදානමක් පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

කොල්කටාවට මේ දිනවල සවස් කාලයේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය මීට ප්‍රධාන හේතුව වී තිබෙනවා.

මේ අතර සමාරම්භක තරගයට පෙර කොල්කටා නයිට් රයිඩර්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් ක්‍රීඩකයින් ඊයේ (21) සහභාගී වූ ඔවුන්ගේ අවසන් පුහුණු සැසි අතර මඟ අතහැර දමන්නට ද සිදු වුණේ වර්ෂාව හේතුවෙන්.

කණ්ඩායම් දෙකේ පුහුණුවීම් නියමිත පරිදි සවස 5.00 ට ආරම්භ වූ නමුත් සවස 6.00 පන වනවිට වර්ෂාව ඇද හැළුණු අතර, ඒ හේතුවෙන් එම පුහුණු සැසි නවතා දැමුණා.

ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කර ඇත්තේ බ්‍රහස්පතින්දා සිට ඉරිදා දක්වා දකුණු බෙංගාලයට ගිගුරුම් සහිත වැසි පතිතවනු ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
4
+1
3
+1
1
+1
3
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?