IPL ඉතිහාසයේ වටිනාම ක්‍රීඩක හුවමාරුවෙන් පසු මුම්බායි ඉන්දියන්ස් නායකත්වයේ වෙනසක්

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායකත්වය හර්දික් පාණ්ඩ්‍යාට හිමිවීමේ අවස්ථාවක් පවතින බව හිටපු ඉන්දීය නායක සහ ඉන්දීය තේරීම් කමිටු හිටපු ප්‍රධානී ක්‍රිස් ශ්‍රීකාන්ත් පවසනවා.

ඒ, අනුව එළෙඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී රෝහිත් ෂර්මාට පාණ්ඩ්‍යාගේ නායකත්වය යට‍තේ ක්‍රීඩා කිරීමට සිදුවනු ඇති බවයි ශ්‍රීකාන්ත් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා එළඹෙන අයි.පී.එල්. තරගාවලිය වෙනුවෙන් මුම්බායි ඉන්දියන්ස් සමඟ යළි එක්වන බවට දැනටමත් තොරතුරු වාර්තා වන අතර, එම ගනුදෙනුව නියමිත දිනට අවසන් වුවහොත් මුම්බායි නායකත්වය ද ඔහුට හිමිවනු ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ගනුදෙනුව වෙනුවෙන් මුම්බායි ඉන්දියන්ස් හිමිකාරිත්වයට ඉන්දීය රුපියල් කෝටි 15ක මුදලක් හර්දික් පාණ්ඩ්‍යාගේ වත්මන් හිමිකාරීත්වය දරන ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට ගෙවිය යුතු වනවා.

මේ අතර අයි.පී.එල්. ඉතිහාසයේ සිදුවන විශාලතම මෙන්ම වටිනාම ක්‍රීඩක හුවමාරුව මෙය බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.

හර්දික් පාණ්ඩ්‍යා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමෙන් ඉවත්ව මුම්බායි ඉන්දියන්ස් සමඟ එක් වුවහොත් පුරප්පාඩුවන ගුජරාට් ටයිටන්ස් නායකත්වය ශුබ්මන් ගිල්ට හිමිවනු ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

2024 අයි.පී.එල්. තරගාවලිය වෙනුවෙන් පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසියට පෙර එක් එක් කණ්ඩායම් තමන් විසින් රඳවා ගනු ලබන ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව අද (26) මධ්‍යම රාත්‍රියට පෙර නිකුත් කළ යුතු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
1
+1
5
+1
5
+1
2
+1
1
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21