IPL ඉතිහාසයේ වටිනාම ක්‍රීඩක හුවමාරුවෙන් පසු මුම්බායි ඉන්දියන්ස් නායකත්වයේ වෙනසක්

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායකත්වය හර්දික් පාණ්ඩ්‍යාට හිමිවීමේ අවස්ථාවක් පවතින බව හිටපු ඉන්දීය නායක සහ ඉන්දීය තේරීම් කමිටු හිටපු ප්‍රධානී ක්‍රිස් ශ්‍රීකාන්ත් පවසනවා.

ඒ, අනුව එළෙඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී රෝහිත් ෂර්මාට පාණ්ඩ්‍යාගේ නායකත්වය යට‍තේ ක්‍රීඩා කිරීමට සිදුවනු ඇති බවයි ශ්‍රීකාන්ත් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා එළඹෙන අයි.පී.එල්. තරගාවලිය වෙනුවෙන් මුම්බායි ඉන්දියන්ස් සමඟ යළි එක්වන බවට දැනටමත් තොරතුරු වාර්තා වන අතර, එම ගනුදෙනුව නියමිත දිනට අවසන් වුවහොත් මුම්බායි නායකත්වය ද ඔහුට හිමිවනු ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ගනුදෙනුව වෙනුවෙන් මුම්බායි ඉන්දියන්ස් හිමිකාරිත්වයට ඉන්දීය රුපියල් කෝටි 15ක මුදලක් හර්දික් පාණ්ඩ්‍යාගේ වත්මන් හිමිකාරීත්වය දරන ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට ගෙවිය යුතු වනවා.

මේ අතර අයි.පී.එල්. ඉතිහාසයේ සිදුවන විශාලතම මෙන්ම වටිනාම ක්‍රීඩක හුවමාරුව මෙය බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.

හර්දික් පාණ්ඩ්‍යා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමෙන් ඉවත්ව මුම්බායි ඉන්දියන්ස් සමඟ එක් වුවහොත් පුරප්පාඩුවන ගුජරාට් ටයිටන්ස් නායකත්වය ශුබ්මන් ගිල්ට හිමිවනු ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

2024 අයි.පී.එල්. තරගාවලිය වෙනුවෙන් පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසියට පෙර එක් එක් කණ්ඩායම් තමන් විසින් රඳවා ගනු ලබන ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව අද (26) මධ්‍යම රාත්‍රියට පෙර නිකුත් කළ යුතු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
1
+1
5
+1
5
+1
2
+1
1
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?