IP නෝනට ASP තනතුර දෙන්න හොර පාරෙන් ඉන්ටවීව් කැඳවලා – විභාගය දා රටෙත් ඉඳලා නැහැ

2023 වසරේ නොවැම්බර් මස 18 සහ 19 දෙදින තුළ විභාග දෙපාර්තමේන්තුව විසින් පොලිස් දෙපාර්තමේන්තුවට සහකාර පොලිස් අධිකාරීවරුන් බඳවා ගන්නා සීමිත තරග විභාගය පවත්වනු ලැබුවා.

එම විභාගයට පෙනී නොසිට විදේශගත වී සිටි කාන්තා පොලිස් පරීක්ෂකවරියක් විභාගය සමත්වූවන් වෙනුවෙන් පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවා ඇති බවට තොරතුරු වාර්තා වනවා.

විභාගයට පෙනී නොසිටි එම පොලිස් පරීක්ෂකවරිය මෙලෙස සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවීම සම්බන්ධයෙන් මේ වනවිට පොලීසිය තුළ දැඩි ආන්දෝලනයක් ඇතිව ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.

2023 වසරේ නොවැම්බර් මස 18 සහ 19 දිනයන්වල දී පැවති මෙම විභාගයේ ප්‍රතිඵල මත ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයට මෙලෙස අත්තනෝමතික ලෙස කැඳවා ඇත්තේ රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්‍ෂවරයකුගේ කාර්යාලයේ සේවය කරමින් සිටින කාන්තා පොලිස් පරීක්ෂකවරියක් බව සඳහන්.

මෙම විභාගය පැවත් වූ අවස්ථාවේ සිට එක්තරා පොලිස්පතිවරයෙකුගේ සහ ඔහුගේ පුද්ගලික සහකාර ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂවරයෙකුගේ අභිමතය පරිදි ඔවුන්ගේ ඉදිරි පැවැත්ම සඳහා වැදගත්වන පිරිසක් තෝරාගෙන ලිඛිත විභාගයේ මුවාවෙන් සහකාර පොලිස් අධිකාරී තනතුරු පිරිනැමීමේ උත්සාහයක් පිළිබඳව පොලිසිය අභ්‍යන්තරයේ දැඩි කතා බහක් ඇතිව තිබෙනවා.

එමෙන්ම තවත් උසස් පොලිස් ප්‍රධානියෙකුගේ මැදිහත්වීමෙන් මෙම විභාගය සඳහා සකස් කළ ප්‍රශ්නපත්‍ර පිළිතුරුත් සමඟ ඔවුන්ගේ සමීප නිලධාරී වෙත ලබාදීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වුණේ.

විභාගයට පෙනී නොසිටි මෙම කාන්තා පොලිස් නිලධාරිනියක් ලිඛිත විභාග ප්‍රතිඵල මත කැඳවූ අදාළ සම්මුඛ පරීක්ෂණයේ සහ තරග විභාගය තුළ තවත් අක්‍රමිකතා රැසක් සිදු වූ බවට සහකාර පොලිස් අධිකාරී තනතුර වෙනුවෙන් බලා සිටින නිලධාරීන් චෝදනා කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
19
+1
2
+1
3
+1
1
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45


?