INS KUTHAR යුද නෞකාව දිවයිනට

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS KUTHAR’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ (03) උදෑසන කොළඹ වරායට සේන්දු වී තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව නිවේදනය කළේ, එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කළ බවයි.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Corvette වර්ගයට අයත් ‘INS KUTHAR’ නෞකාව, දිගින් මීටර් 91.16ක් හා නැව් මුළුව 129ක ගෙන් සමන්විත අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස, කොමාන්ඩර් Nitin Sharma ලෙස කටයුතු කරනවා.

මෙම නිල සංචාරයේ දී ‘INS KUTHAR’නෞකාවේ අණදෙන නිලධාරී සහ බටහිර නාවික විධානයේ ආඥාපති අතර නිල හමුවක් බටහිර නාවික විධාන මූලස්ථානයේ දී සිදුකෙරුණු අතර, මෙම යුද නෞකාව මෙරට රැඳී සිටින කාලසීමාව තුළ එහි නැව්මුළුව කොළඹ ප්‍රදේශයේ ආකර්ෂණීය සංචාරක ස්ථාන නැරඹීම සඳහා සහ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදා අතර සුහදත්වය වර්ධනය කිරීම වෙනුවෙන් හා පුහුණු හුවමාරු වෙනුවෙන් සංවිධානය කෙරෙණ වැඩසටහන් සඳහා සහභාගීවීමට නියමිතව තිබෙනවා.

‘INS KUTHAR’නෞකාව නිල සංචාරය නිමා කරමින් මාර්තු මස 06 වැනි දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?