IMF මුදල් අයවැය හිඟය පියවා ගැනීම වෙනුවෙන් යෙදවිය හැකියි – මුදල් රාජ්‍ය ඇමති (වීඩියෝ)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහාය ලබාදීමට ගත් තීරණයත් සමඟ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් මූල්‍ය විශ්වාසය
තහවුරු කර ගත් රටක් බවට පත් වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙම විශ්වාසය දිනා ගැනීම සඳහා සිදුකළ ජාත්‍යන්තර ආර්ථික මෙහෙයුම වෙනුවෙන් ජනාධිපතිවරයාට ස්තුතිය පළ කළ යුතු බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දුන් එකඟත්වයත් සමඟ ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව මඟින්
තවත් ඩොලර් බිලියන 07ක පමණ මුදලක් ලබා දීමට සූදානමින් සිටින බව ද අමාත්‍යවරා පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දුන් මෙම ණය පහසුකම මත ඔවුන් සමඟ ඇති කර ගත් එකඟතා රැක ගැනීම
රජයේ වගකීම බවයි ඔහු පෙන්වා දෙන්නේ.

දිළඳු ජනතාව ආරක්ෂා කර ගැනීම, බැංකු පද්ධතිය ස්ථාවරව පවත්වාගෙන යාම, මූල්‍ය විනය සහ බදු ප්‍රතිපත්තීන් ආරක්ෂා කිරීම එම එකගතා අතර වෙයි.

ඒවා රටක් ලෙස ඉටු කළ යුතු වගකීම් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඉදිරි දින කිහිපය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන ණය කොටසේ පළමු වාරිකය ලෙස ඩොලර් මිලියන 300කට
අධික මුදලක් ලැබීමට නියමිත බවත්, එම මුදල මහ බැංකුවේ ඩොලර් ගිණුම වෙත ලැබීමෙන් අනතුරුව භාණ්ඩාගාර නියෝජ්‍ය
ලේකම්වරයාගේ ගිණුම වෙත බැර වෙන බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියා.

එම මුදල් මඟින් අයවැය හිඟය පියවා ගැනීමට ද හැකිවීම විශේෂත්වයක් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

https://youtu.be/UnxwvLYHCSA
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17
Video thumbnail
ඇයි වයසක අපිව මෙහෙම රැවට්ටුවේ - වැඩි කරනවා කියපු අපේ විශ්‍රාම වැටුප කෝ
08:23
Video thumbnail
ගාන්ධිතුමාගේ සරලකම ගැන ඔබ නොදත් කතාව
03:27
Video thumbnail
පිල්ලයාන් ගත්තා කියලා දැනගත්ත ගමන් මිනිස්සු පාරට බැහැලා සතුට සමරපු හැටි
00:19
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක
00:32
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක - මර්වින්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්
05:34
Video thumbnail
වසන්ත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපි තමයි අපේ රටේ ත්‍ර#තවාදය පරාජය කළේ
20:26

?