IMF ගිවිසුම වෙනස් කිරීමට සැලසුමක් නැහැ – කැබිනට් මාධ්‍ය ප්‍රකාශක

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අත්සන් කර ඇති ගිවිසුම වෙනස් කිරීමට ශ්‍රී ලංකා රජයට දැනට සැලසුමක් නොමැති බව ශ්‍රී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

අද (15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙක් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

“අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අත්සන් කළ ගිවිසුම වෙනස් කර නැහැ. අපිට ඒක තනියම කරන්න බැහැ. ගිවිසුම නැවත බලන්න නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නැවත සාකච්ඡා කරන්න වෙනවා,” යනුවෙන් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බව අවධාරණය කරමින් අමාත්‍යවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදුකෙරෙන සාකච්ඡා පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූවා.

“අපි දැනට ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. ඔවුන් සමඟ යම් එකඟතාවකට පැමිණ තිබෙනවා. ISB ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම අපි මේ මස අගදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන කාර්යාලයේ දී රැස් වූ විට අවසන් අදියරට පැමිණෙනවා,” යනුවෙන් ඔහු සඳහන් කළා.

ජනතාව මත බදු බරක් පටවා ඇති ගිවිසුමේ ඇතැම් කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට රජය අපේක්ෂා කරන බව ද විජිත හේරත් අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

“ඉදිරියේදී අපි ජනතාව මත බදු බර පටවා ඇති සමහර අංග සංශෝධනය කිරීමට සැලසුම් කරනවා. නමුත් මේ වන විට අපි එවැනි තත්ත්වයකට පැමිණ නැහැ,”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
12
+1
1
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21