Empty Ad
AFC Banner
Empty Ad

ICC ශ්‍රේණිගත කිරීම් අනුව ටෙස්ට් වැඩ්ඩෝ ඔස්ට්‍රෙලියාව – ඉන්දියාව එක්දින අසුනේ මුල රැකගනියි

ICC ටෙස්ට් සහ එක්දින ශ්‍රේණිගත කිරීම් හි යාවත්කාලීන කිරීම් නිකුත් වී තිබෙනවා.

එහි ප්‍රතිඵල අනුව ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ හොඳම ටෙස්ට් කණ්ඩායම බවට ඔස්ට්‍රෙලියාව පත් ව තිබෙනවා.

ඒ ප්‍රසාද ලකුණු 4531ක් හිමිකර ගනිමින්.

දෙවැනි ස්ථානය දකුණු අප්‍රිකාවටත් තෙවැනි ස්ථානය ඉන්දියාවටත් හිමිව තිබෙනවා.

නවතගම ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවට හිමි ව ඇත්තේ සයවැනි ස්ථානයයි.

එමෙන්ම ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් ද නිකුත් කර තිබෙනවා.

සුපුරුදු පරිදි ජෝ රූට් එහි පළමු තැන ගෙන සිටින අතර හැරී බෘක් හට දෙවැනි ස්ථානය හිමි ව තිබෙනවා.

නවසීලන්තයේ කේන් විලියම්සන් හොඳම තුන්වැනි ටෙස්ට් පිතිකරුවා බවටයි පත් ව ඇත්තේ.

එමෙන්ම නවතම ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් අනුව දකුණු අප්‍රිකානු ටෙස්ට් නායක ටෙම්බා බවුමා 06 වැනි ස්ථානයට පත් ව ඇත්තේ ස්ථාන තුනකින් ඉදිරියට එමින්.

ශ්‍රී ලංකාවේ කමිඳු මෙන්ඩිස් එක් ස්ථානයකින් ඉහළට එමින් 07 වැනි තැන හිමිකරගෙන තිබෙනවා.

මේ අතර ජාත්‍යන්තර එක්දින ශ්‍රේණිගත කිරීම් හි පළමු තැන තවදුරටත් තමන් සතු කරගැනීමට ඉන්දියාව සමත් ව සිටිනවා.

ඔස්ට්‍රෙලියාව එහි දෙවැනි තැනටත් පාකිස්තානය තුන්වැනි තැනටත් පත්ව ඇත්තේ ශ්‍රී ලංකාවට සයවැනි තැන හිමිකර දෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
4
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාව දිනෙව්වේ නැත්තම් සල්ලි දෙන්නේ නෑලු
14:50
Video thumbnail
මෝදිත් ජනපතිගේ ඔළුවෙන්ම මේ පාර තමයි කලිසම ගලවන්නේ
20:14
Video thumbnail
අගමැති,ජනාධිපති කරන්නේමේ කරන්නේ මේ රටේ රෙද්ද කඩන එක
05:58
Video thumbnail
සදාකාලිකවම නිසල වූ පා.ම නුවන් කෝසලගේ මව රෝහලේ හඬා වැටෙයි
01:07
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරහදිසියේම අභාවප්‍රාප්ත වෙයි
01:06
Video thumbnail
🔴BREAKING NEWS... පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරඅභාවප්‍රාප්ත වෙයි
01:35
Video thumbnail
අනුර වික්‍රමසිංහගේ කෙරුවාව එළියට
10:40
Video thumbnail
එජාපයේ භූතයෝ දෙන්නෙක් ඉන්නවා - කියන්න කොන්දක් නැත්ද ?
10:39
Video thumbnail
පාතාලේ අයියලා යට ගහපු නීති විරෝධි බර අවි ලොට් එකක්ම අතේ මාට්ටු
03:20
Video thumbnail
හොරට අත්සන් කළේ මොන බම්බුවටද ? විමල් ආණ්ඩුවට සැරටම අමතපු ඇමතිල්ල
07:29
<p>?</p>