ICC ශ්‍රේණිගත කිරීම් අනුව ටෙස්ට් වැඩ්ඩෝ ඔස්ට්‍රෙලියාව – ඉන්දියාව එක්දින අසුනේ මුල රැකගනියි

ICC ටෙස්ට් සහ එක්දින ශ්‍රේණිගත කිරීම් හි යාවත්කාලීන කිරීම් නිකුත් වී තිබෙනවා.

එහි ප්‍රතිඵල අනුව ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ හොඳම ටෙස්ට් කණ්ඩායම බවට ඔස්ට්‍රෙලියාව පත් ව තිබෙනවා.

ඒ ප්‍රසාද ලකුණු 4531ක් හිමිකර ගනිමින්.

දෙවැනි ස්ථානය දකුණු අප්‍රිකාවටත් තෙවැනි ස්ථානය ඉන්දියාවටත් හිමිව තිබෙනවා.

නවතගම ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවට හිමි ව ඇත්තේ සයවැනි ස්ථානයයි.

එමෙන්ම ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් ද නිකුත් කර තිබෙනවා.

සුපුරුදු පරිදි ජෝ රූට් එහි පළමු තැන ගෙන සිටින අතර හැරී බෘක් හට දෙවැනි ස්ථානය හිමි ව තිබෙනවා.

නවසීලන්තයේ කේන් විලියම්සන් හොඳම තුන්වැනි ටෙස්ට් පිතිකරුවා බවටයි පත් ව ඇත්තේ.

එමෙන්ම නවතම ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් අනුව දකුණු අප්‍රිකානු ටෙස්ට් නායක ටෙම්බා බවුමා 06 වැනි ස්ථානයට පත් ව ඇත්තේ ස්ථාන තුනකින් ඉදිරියට එමින්.

ශ්‍රී ලංකාවේ කමිඳු මෙන්ඩිස් එක් ස්ථානයකින් ඉහළට එමින් 07 වැනි තැන හිමිකරගෙන තිබෙනවා.

මේ අතර ජාත්‍යන්තර එක්දින ශ්‍රේණිගත කිරීම් හි පළමු තැන තවදුරටත් තමන් සතු කරගැනීමට ඉන්දියාව සමත් ව සිටිනවා.

ඔස්ට්‍රෙලියාව එහි දෙවැනි තැනටත් පාකිස්තානය තුන්වැනි තැනටත් පත්ව ඇත්තේ ශ්‍රී ලංකාවට සයවැනි තැන හිමිකර දෙමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16