ICC ත්‍යාග මුදල් ගැන විශේෂ තීරණයක්

අයි.සී.සී. ඉසව්වලින් ජයග්‍රහණය කරනු ලබන පිරිමි සහ කාන්තා කණ්ඩායම් සඳහා ඉදිරියේ දී සමාන ත්‍යාග මුදල් ලබාදීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

දකුණු අප්‍රිකාවේ ඩර්බන් නුවර පැවති අයි.සී.සී. වාර්ෂික සමුළුවේ දී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

“මෙය අපගේ ක්‍රීඩා ඉතිහාසයේ වැදගත් අවස්ථාවක්,අයි.සී.සී. ගෝලීය ඉසව් සඳහා තරඟ කරන පිරිමි සහ කාන්තා ක්‍රිකට් කණ්ඩායම්වලට දැන් එක හා සමානව ත්‍යාග පිරිනැමීම ගැන අපි සතුටු වෙනවා. 2017 වසරේ සිට අපි සෑම වසරකම කාන්තා ඉසව්වල ත්‍යාග මුදල වැඩි කර ඇත්තේ සමාන ත්‍යාග මුදල් කරා ළඟාවීම කෙරෙහි පැහැදිලි අවධානයක් යොමු කරමින්. මෙතැන් සිට, අයි.සී.සී. කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමේදී, අයි.සී.සී. පිරිමි ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට සමාන ත්‍යාග මුදලක් ලබාදෙන අතර, විස්සයි 20 ලෝක කුසලාන සහ 19 න් පහළ සඳහා ද එවැනි සමාන මුදල් ත්‍යාග ලබා දෙනවා.” යනුවෙන් අයි.සී.සී. සභාපතිවරයා සඳහන් කර සිටියා.

මෙම වසර මුල කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානය දිනාගත් ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමට ඩොලර් මිලියනයක ත්‍යාග මුදලක් හිමිවූ අතර, අනුශූරතාව හිමිකර ගත් දකුණු අප්‍රිකාවට ඩොලර් ලක්ෂ පහක් හිමි වුණා.

කෙසේ වෙතත් පසුගිය වසරේ නොවැම්බර් මාසයේ පැවති පිරිමි විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කළ එංගලන්ත කණ්ඩායමට ඩොලර් මිලියන 1.6ක් හිමි වූ අතර, අනුශූරතාව දිනාගත් පාකිස්තානයට ඩොලර් ලක්ෂ අටක ත්‍යාග මුදලක් ලබා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?