EPF නොගෙවා ඉන්න දෙලක්ෂ පනස්දහසක අල්ලස් ගත් කම්කරුවා රිමාන්ඩ්

ගල්කිස්ස පෞද්ගලික ආලේපන ආයතනයක සේවකයන්ගේ ලක්ෂ විසි පහක සේවක අර්ථ සාධක මුදල් නොගෙවා සිටීමට අවශ්‍ය කටයුතු කරදීම සඳහා රුපියල් 250,000ක අල්ලසක් ලබාගත් බව කියන සිද්ධියකට අදාළව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අත්අඩංගුවට ගත් කම්කරු දෙපාර්තමේන්තුවේ බටහිර කොළඹ දිස්ත්‍රික් කාර්යාලයේ කම්කරුවෙකු ලබන 31 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ඊයේ (23) නියෝග කළා.

කම්කරු දෙපාර්තමේන්තුවේ බටහිර කොළඹ දිස්ත්‍රික් කාර්යාලයේ කම්කරු නිලධාරියකු වන රංජිත් ධම්මික අබේවික්‍රමසිංහ යන තැනැත්තා මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි නියෝග කෙරුණේ.

ගල්කිස්ස පෞද්ගලික ආලේපන ආයතනයේ හිමිකරු විසින් පෙරේදා (21) දින අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසට කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් කරුණු සලකා බැලූමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය විසින් මෙලෙස නියෝග කරනු ලැබුවා.

ගල්කිස්ස පෞද්ගලික ආයතනයේ සේවකයන්ට ලැබිය යුතු සේවක අර්ථ සාධක මුදල් නොගවා සිටීමටත් ආයතනය සම්බන්ධයෙන් පෙර වැරදි පිළිබඳව නීතිය ඉදිරියට ගෙන නොයෑමටත් සහ විමර්ශනය කරන ලද ලේඛනවල තොරතුරු හෙළි නොකිරීම සඳහාත් මෙම අල්ලස් මුදල ඉල්ලා තිබූ බව විමර්ශන නිලධාරීහු අධිකරණයට කරුණු දැක්වූවා.

තම සේවාදායකයා මෙම සිද්ධියට අදාළ ව ක්‍රියා නොකළ බව සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළ ඔහුට ඇප ලබා දෙන ලෙස ද ඉල්ලීමක් කළා.

ඒ අනුව දෙපාර්ශ්වයෙන් ම ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය සිද්ධියට අදාළ සැකකරු ලබන 31 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් සිද්ධියට අදාළ විමර්ශන තවදුරටත් සිදු කරන ලෙසත් නියෝග කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
00:59
Video thumbnail
හදිසි අවස්ථාවක් - හදිසි අවස්ථාවක් - රනිල් හදිසියේ මාධ්‍ය කැඳවයි
05:12
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
03:41
Video thumbnail
බොරු කියන මිනිස්සුන්ට රැවටෙන්න එපා - ඇමති සමන්ත ජනතාවගෙන් ඉල්ලයි
14:53
Video thumbnail
මිනිස් ජීවිත එක්ක සෙල්ලම් කරන මේ අයට එක පෑන් පාරෙන් වැඩේ දෙන්න බැරිද - DASATHA SEARCH LIGHT
12:34
Video thumbnail
අලුත් තාක්ෂණයෙන් පෙරාපු කසිප්පු අල්ලපු මෙහෙයුම
03:36
Video thumbnail
මහියංගණය වෙ# තැබීමේ සියල්ල හෙළිවෙයි - සජීවී දර්ශන මෙන්න
05:17
Video thumbnail
🔴BREAKING NEWS
01:26

?