යුද්ධයට සම්බන්ධ නොවූ රටවල්වලට ප්‍රහාර එල්ල වීම ගැන ජනපති අනුරගේ කනස්සල්ල

ශ්‍රී ලංකාව වෙනුවෙන් පත්ව සිටින අරාබි තානාපතිවරුන්ගේ කවුන්සිලය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවක් අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

යුදමය තත්ත්වයත් සමග මැදපෙරදිග කලාපයේ රටවල් මුහුණ දී ඇති අභියෝග සහ විශේෂයෙන් එම රටවල සාමයට, ආරක්ෂාවට සහ ස්ථාවරත්වයට එල්ල වී ඇති තර්ජන පිළිබඳව තානාපතිවරුන් විසින් මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කරනු ලැබුවා.

මැදපෙරදිග කලාපයේ කඩිනමින් සාමය ස්ථාපිත වීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා, යුද්ධයට සම්බන්ධ වී නොමැති මැදපෙරදිග කලාපීය රටවලට එල්ල වන ප්‍රහාර පිළිබඳව සිය කනස්සල්ල පළ කළ අතර, එම ප්‍රහාර කිසිසේත් අනුමත නොකරන බවද ප්‍රකාශ කළා.

එමෙන්ම, මැදපෙරදිග කලාපීය රටවල් ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය මෙහිදී අගය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, විශේෂයෙන් බලශක්ති අවශ්‍යතාව සපුරා ගැනීමට මෙන්ම, විදේශ රැකියා සහ සංචාරක කර්මාන්තයට අදාළව ලබා දෙන දායකත්වයද ඇගයීමට ලක් කරනු ලැබුවා.

ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විශාල පිරිසක් මැදපෙරදිග කලාපයේ රටවල රැකියාවල නිරත වන අතර, පවතින යුදමය තත්ත්වය හමුවේ ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවධානය යොමු කර කටයුතු කිරීම පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී ස්තූතිය පළ කළා.

එසේම, මැදපෙරදිග කලාපයේ රටවල සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය වෙනුවෙන් තනි රටක් ලෙස සහ සාමුහිකවත්, ජාත්‍යන්තර නීතියට අනුකූලව ශ්‍රී ලංකාවට ලබා දිය හැකි උපරිම සහාය ලබා දීමට කටයුතු කරන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති සහ අරාබි තානාපතිවරුන්ගේ කවුන්සිලයේ ප්‍රධානී Khaled Nasser Sulaiman AlAmeri, ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති Khalid Hamoud Nasser Alkahtani, ශ්‍රී ලංකාවේ ඕමාන තානාපති Ahmed Ali Saeed Al Rashdi, ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති Adel Ibrahim, ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති Ihab I.M. Khalil, ශ්‍රී ලංකාවේ කටාර් රාජ්‍යයේ තානාපති Hamad Mohammed Abdullah Al – Sanad Al – Dosari, කොළඹ පිහිටි ඉරාක තානාපති කාර්යාලයේ කාර්යභාර නිලධාරී Anmar A.A. Al-Emin, කොළඹ පිහිටි කුවේට් තානාපති කාර්යාලයේ වැඩබලන කාර්යභාර නිලධාරී Abdullah A.M.A. Almuhana, කොළඹ පිහිටි ලිබියානු තානාපති කාර්යාලයේ කාර්යභාර නිලධාරී Faek B.T. Aboud මෙම අවස්ථාවට සහභාගි වූ අතර කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ ද එක්ව සිටියා.

  1. යුද්ධයට සම්බන්ධ නැති මැදපෙරදිග රටවලට කරන පුහාර හෙලාදැකීම ඉතා වැදගත් පුකාශයක්. මෙම නිවරැදි නිර්භීත පුකාශයට ගරු කරමි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32