චීනෙන් ආ අසූචි නැව කාලා බැලුවාදැයි සුජීව, ජනපතිගෙන් ප්‍රශ්න කරයි

සිදු වූ බව කියන ගල් අඟුරු වංචාව සම්බන්ධයෙන් විගණන වාර්තාවේ කරුණු ඉදිරිපත්කර ඇති බවත්, එම ගල් අඟුරු වංචාව සිදු වූ බවට පිළිගැනීම සඳහා ජනාධිපතිවරයාට විශාල කාලයක් ගත වූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ පෙන්වා දෙනවා.

ඔහු මේ සම්බන්ධයෙන් කියා සිටියේ අද (08) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින්.

”ජනාධිපතිතුමා පිළිගන්න සෑහෙන්න කල් ගියා. ගල් අඟුරු කන්නම වුණා. නැත්නම් පිළිගන්නේ නැහැ, ගල් අඟුරු කෑවද කියලා අහනවා. එතකොට අර චීන අසූචි නැව කෑවද, කාල බලලද අනුර කුමාර කිව්වේ ඒක අසූචි කියලා…” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ වැඩිදුරටත් කියා සිටියා.