EPF නොගෙවා ඉන්න දෙලක්ෂ පනස්දහසක අල්ලස් ගත් කම්කරුවා රිමාන්ඩ්

ගල්කිස්ස පෞද්ගලික ආලේපන ආයතනයක සේවකයන්ගේ ලක්ෂ විසි පහක සේවක අර්ථ සාධක මුදල් නොගෙවා සිටීමට අවශ්‍ය කටයුතු කරදීම සඳහා රුපියල් 250,000ක අල්ලසක් ලබාගත් බව කියන සිද්ධියකට අදාළව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අත්අඩංගුවට ගත් කම්කරු දෙපාර්තමේන්තුවේ බටහිර කොළඹ දිස්ත්‍රික් කාර්යාලයේ කම්කරුවෙකු ලබන 31 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ඊයේ (23) නියෝග කළා.

කම්කරු දෙපාර්තමේන්තුවේ බටහිර කොළඹ දිස්ත්‍රික් කාර්යාලයේ කම්කරු නිලධාරියකු වන රංජිත් ධම්මික අබේවික්‍රමසිංහ යන තැනැත්තා මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි නියෝග කෙරුණේ.

ගල්කිස්ස පෞද්ගලික ආලේපන ආයතනයේ හිමිකරු විසින් පෙරේදා (21) දින අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසට කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් කරුණු සලකා බැලූමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය විසින් මෙලෙස නියෝග කරනු ලැබුවා.

ගල්කිස්ස පෞද්ගලික ආයතනයේ සේවකයන්ට ලැබිය යුතු සේවක අර්ථ සාධක මුදල් නොගවා සිටීමටත් ආයතනය සම්බන්ධයෙන් පෙර වැරදි පිළිබඳව නීතිය ඉදිරියට ගෙන නොයෑමටත් සහ විමර්ශනය කරන ලද ලේඛනවල තොරතුරු හෙළි නොකිරීම සඳහාත් මෙම අල්ලස් මුදල ඉල්ලා තිබූ බව විමර්ශන නිලධාරීහු අධිකරණයට කරුණු දැක්වූවා.

තම සේවාදායකයා මෙම සිද්ධියට අදාළ ව ක්‍රියා නොකළ බව සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළ ඔහුට ඇප ලබා දෙන ලෙස ද ඉල්ලීමක් කළා.

ඒ අනුව දෙපාර්ශ්වයෙන් ම ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය සිද්ධියට අදාළ සැකකරු ලබන 31 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් සිද්ධියට අදාළ විමර්ශන තවදුරටත් සිදු කරන ලෙසත් නියෝග කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06