AFC Banner
Empty Ad
Empty Ad

EAP සමූහ ව්‍යාපාරයේ වග උත්තරකරුවන්ගෙන් බදු නොගෙවූ හේතු අධිකරණයෙන් විමසයි

EAP සමූහ ව්‍යාපාරය විසින් රුපියල් මිලියන 18කට අධික ආදායම් බදු මුදලක් රජයට නොගෙවීම සම්බන්ධයෙන් දේශීය අදයාම් බදු දෙපාර්තමේන්තුව මගින් ගොනු කරනු ලැබු නඩුකරය අද (24) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ කැඳවා තිබෙනවා.

අප අධිකරණ වාර්තාකරු පැවසුවේ; මෙහිදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා වගඋත්තරකරුවන් හට ප්‍රකාශ කර සිටියේ බදු නොගෙවීම සම්බන්ධයෙන් හේතු ඇත්නම් එම කරුණු අධිකරණයේ ගොනු කරන ලෙසයි.

ඒ සඳහා අධිකරණය වගඋත්තරකරුවන් හට ලබන 14 වන දින තෙක් කල් ලබා දී තිබෙනවා.

මෙම සමූහ ව්‍යාපරයේ වගඋත්තරකරුවන් වනුයේ ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ අංජලී එදිරිසිංහ යන අයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?