COPA සභාපතිකම විපක්ෂයට

රාජ්‍ය ගිණුම් කාරක සභාවේ (COPA) ප්‍රධානියා ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුට අවස්ථාව ලබාදීමට ආණ්ඩු පක්ෂය තීරණය කර තිබෙනවා.

අද (06) පැවැත්වෙමින් තිබෙන අතුරු ගිණුම් සම්මත කිරීමේ යෝජනාවේ දෙවැනි දිනයේ විවාදයට එක්වෙමින් සභා නායක බිමල් රත්නායක මහතා මේ බව සඳහන් කළා.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) තුළ ද විපක්ෂයේ නියෝජනය තහවුරු කරන බවයි හෙතෙම වැඩිදුරටත් පැවසුවේ.