“Clean Sri Lanka” යටතේ නාගරික හරිත කලාප ව්‍යාපෘතියක්

රට තුළ ආචාර ධාර්මික, සාමාජයීය සහ පාරිසරික වශයෙන් නව පිබිදීමක් ඇති කර, සමාජය වඩා දියුණු තලයකට ඔසවා තැබීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක “Clean Sri Lanka” වැඩසටහන යටතේ “ආදර්ශ නාගරික හරිත කලාප” ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවා තිබෙනවා.

එහි පළමු අදියර යටතේ පෑලියගොඩ සහ ඔරුගොඩවත්ත ප්‍රදේශවල “ආදර්ශ නාගරික හරිත කලාප” දෙකක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

හරිත නගර සංකල්පයට අනුව නගර සැලසුම්කරණ ව්‍යාපෘතියක් ලෙස රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ දායකත්වයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන අතර මෙම මාර්තු මාසය අවසානයට පෙර එහි කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

රාජ්‍ය – පෞද්ගලික – ජනතා හවුල්කාරිත්වය යන (Public- Private – People Partnership) 4P සංකල්පයට අනුව රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය සහ පුරවැසියන් එකට එක් කරමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා.

නාගරික වශයෙන් ජන සංකේන්ද්‍රණය ඉහළ යෑමත් සමග වායු දූෂණය, ගොඩබිම දූෂණය, ජල දූෂණය ඇතුළු බොහෝ පාරිසරික ගැටලුවලට මුහුණදීමට සිදු ව ඇති අතර තිරසර හරිත නගර සංකල්පය පිළිබඳ ලෝකයේම අවධානය යොමු ව තිබෙනවා.

නාගරික වන වගා හේතුවෙන් පාරිසරික ගැටලු අවම වීම පමණක් නොව පරිසරය අලංකාරවත් වීම ද සිදු වන බැවින් වියළි කොන්ක්‍රිට් කලාපයක් වෙනුවට සොබාදහමේ ආස්වාදය විඳිය හැකි හරිත පරිසරයක ජනතාවට ජීවත්වීමට අවස්ථාව සැලසෙනවා.

එය කායික – මානසික වශයෙන් නිරෝගීමත් ජන සමාජයක් නිර්මාණය කිරීමට ද ඉවහල් වනු ඇති බවයි වාර්තා වන්නේ.

නාගරික සංවර්ධන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය, කොළඹ මහනගර සභාව, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන සහ පෞද්ගලික සමාගම් රැසක් මෙම ව්‍යාපෘතිය සමඟ අත්වැල් බැඳගෙන සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?