Clean Sri Lanka පුහුණුකරුවන් පුහුණු කිරීමට දෙදින වැඩමුළුවක්

“Clean Sri Lanka” වැඩසටහන නිසියාකාරව ක්‍රියාත්මක කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ හා ශ්‍රී ලංකා පොලිසියේ තෝරා ගත් සාමාජිකයින් 150 දෙනෙකු පුහුණුකරුවන් ලෙස පුහුණු කිරීම සඳහා දෙදින වැඩමුළුවක් අද (18) ආරම්භ වුණා.

ඒ, පනාගොඩ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදීයි.

මෙහි සමාරම්භක අවස්ථාවට එක් වෙමින් වැඩසටහන වෙත පිවිසි සියලුම නිලධාරීන් පිළිගනිමින් ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා පිළිගැනීමේ කතාව සිදුක කළා.

දේශීය ප්‍රජාව, රාජ්‍ය සහ පෞද්‌ගලික අංශයේ ආයතන, පරිත්‍යාගශීලී ප්‍රජාව, මාධ්‍ය ආයතන, රාජ්‍ය නොවන සංවිධාන සහ රාජ්‍ය නොවන ජාත්‍යන්තර සංවිධාන සම්බන්ධ කර ගනිමින්‌ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය සුබවාදීව ඔප්නංවා ගැනීම වෙනුවෙන්‌ පාලන තිරසාරභාවය, සමාජ තිරසරභාවය, පාරිසරික තිරසරභාවය හා ආර්ථික තිරසරභාවය යන අංශ උසස්‌ කරලීම මූලික අරමුණු කරගත්‌ “Clean Sri Lanka” ව්‍යාපෘතිය වර්තමානය වන විට ඉතාමත්‌ සාර්ථක අයුරින්‌ දීපව්‍යාප්තව ක්‍රියාත්මක වන බවයි ආරක්‍ෂක ලේකම්වරයා සඳහන් කර සිටියේ.

එමෙන්ම ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ නව රජය විසින්‌ වර්තමානයේ අප රට මුහුණදී සිටින නව ආර්ථික අර්බුදකාරී තත්ත්වයන්‌ සමථයකට පත්කර, ස්ථාවර රටක්‌ නිර්මාණය කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රතිපත්තීන්ට අනුගත වෙමින්‌, ආර්ථික සහ සමාජීය ක්‍රමවේදයකට පදනම සකස්‌ කිරීම වෙනුවෙන්‌ ගෙනයනු ලබන ජාතික ප්‍රතිපත්තීන්‌ සාර්ථක කර ගැනීම ඒකායන අරමුණ බවත් “පොහොසත්‌ රටක්‌ – ලස්සන ජීවිතයක්‌” යන තේමාව යටතේ යහපත්‌ අනාගතයක්‌ සඳහා වන ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රවේශයට අනුගත වෙමින්‌, එය සාක්ෂාත්‌ කර ගැනීමට සියලු දෙනාගේ දායකත්වය උසස්‌ අයුරින්‌ ලබාදීම සැමගේ වගකීම බවත් මෙහි දී සියලු දෙනා අමතමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ශ්‍රී ලාංකිකයින්ගේ පොදු යහපත මෙන්ම රාජ්‍යයක්‌ වශයෙන්‌ නිසි සංවර්ධන ඉලක්කයන්‌ තිරසාර අයුරින්‌ පරිපූර්ණ කර ගැනීමට සමස්ථ ප්‍රජාවගේ දායකත්වය “Clean Sri Lanka” වැඩසටහන වෙනුවෙන්‌ ලබා ගැනීමේ අරමුණ පෙරදැරිව, ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ තෝරාගත්‌ පුහුණුකරුවන්‌ සඳහා මෙම පුහුණු කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන අතර, මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති ලේකම්‌ ආචාර්ය නන්දික සනත්‌ කුමානායක එක් වෙමින් මෙම වැඩසටහනේ අරමුණ පැහැදිලි කිරීම සිදුකරනු ලැබුවා.

එමෙන්ම “Clean Sri Lanka” වැඩසටහන හා සංකල්පය හඳුන්වාදීම ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්‌ කපිල ගුණරත්න සිදුකළ අතර, “Clean Sri Lanka” සමාජීය ක්ෂේත්‍රය පිළිබඳ මූලික දැනුවත් කිරීම චින්තක රාජකරුණා සිදුකළා.

මෙම පුහුණු සැසියේදී මහාචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර විසින් “Clean Sri Lanka” වැඩසටහනේ පාරිසරික ක්ෂේත්‍රය පිළිබඳ මූලික දැනුවත් කිරීම ද, සාරධර්මීය අංශය පිළිබඳ මූලික දැනුවත් කිරීම කැලුම් ජයවීර විසින් සිදුකරනු ලැබුවා.

සැසියේ පළමු දින අවසානයේ ‘තරණය’ නමින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අජිත් ජයසුන්දර විසින් සිදුකළා.

මෙම පුහුණු වැඩසටහනේ දෙවන දිනය හෙට (19) දිනයේ ක්‍රියාත්මක වීමට නියමිත අතර, එහිදී කාන්තා සහ ළමා ආරක්‍ෂක නීතිය පිළිබඳ මූලික දැනුවත් කිරීම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලංකා අමරසිංහ විසින්ද, Responsibility and accountability or public officer යන මාතෘකාව යටතේ දේශණයක් මේජර් ජෙනරල් සජිත් ලියනගේ විසින් ද සිදුකිරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තමන් මෙන්න අන් අයත් විනාශ කරන සයිකෝසියානු රෝගය ගැන ප්‍රබල හෙළිදරව්වක්
02:54
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.20
01:01:04
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට දුන්න සුද්දය
01:08
Video thumbnail
උසාවියට රැගෙන ආ සලේ STF ආරක්ෂාව මැද යළි රැගෙන යන හැටි
01:37
Video thumbnail
වාහන ගෙන්වීමේදී ලොකු අක්‍රමිකතාවක් වෙලා..ආණ්ඩුව බැලුවේ සීමා කරන්න
05:18
Video thumbnail
ජංගිවල හිල් කිව්ව ප්‍රබලයට කතක් රිදෙන්නම දෙයි.."ඔයා වෙනුවෙන් Design කරලා දෙන්නම් Underwear ටිකක්"
01:51
Video thumbnail
පාලකයන්ට ෆැරලයිස්ද ? හැඟීම් දැනීම් දැනෙන්නේ නැද්ද ? - බිහිසුණු ඉරණමක් අත්වූ කතක් මාධ්‍යය දෙවනත් කරයි
10:31
Video thumbnail
ඇල්ලු ආයුධ ගැන ජනපති හැමෝම ඉස්සරහා කියයි - මොකක්ද ඔබේ යුනිෆෝම් එකේ ඇති වගකීම ?
02:17
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක්..කට්ටිය හිනා වෙවී වැඩ
01:31
Video thumbnail
මාස 06 කාලය තුල ඇල්ලු මත්ද්‍රව්‍ය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ආගමික ස්ථාන දක්වා ව්‍යසනය පැතිරිලා
03:55