Belt and Road Summit 2026ට ඇමැති වසන්ත සහභාගී වෙයි

හොංකොං හි සංවර්ධන මණ්ඩලය (HKTDC) සහ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ රජය එක්ව සංවිධානය කරනු ලබන 11 වන “Belt and Road Summit 2026” රාජ්‍ය තාන්ත්‍රික හා වාණිජ සම්මේලනය අද (09) හොංකොං හි Convention and Exhibition Centre (HKCEC) හිදී ආරම්භ වුණා.

මෙම සම්මේලනය 2026 අද (09) සහ හෙට (10) යන දෙදින පැවැත්වෙන අතර මෙවර සම්මේලනය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ එක්වී සිටිනවා.

“Advancing High-Quality Development · Embarking on a New Journey” යන තේමාව යටතේ පැවැත්වෙන මෙවර සම්මේලනයේ ප්‍රධාන අරමුණ ආසියානු සහ බෙල්ට් ඇන්ඩ් රෝඩ් මුලපිරීම්වලට අයත් රටවල් අතර වෙළෙඳ, ආයෝජන, සැපයුම් දාම සබඳතා සහ ආර්ථික සහයෝගිතාවන් තවදුරටත් ශක්තිමත් කිරීමයි.

මෙම සමුළුවේ ප්‍රමුඛතම රාජ්‍ය තාන්ත්‍රික අංශයක් වන “Building Resilient Trade and Investment Frameworks in a Diverse Global Landscape” (විවිධාංගීකෘත ගෝලීය පසුබිමක් තුළ ඔරොත්තු දෙන වෙළෙඳ සහ ආයෝජන රාමු ගොඩනැගීම) නමැති ප්‍රතිපත්තිමය සාකච්ඡා සභාව සඳහා ද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සහභාගී වුණා.

ගෝලීය වශයෙන් මතුවෙමින් පවතින ආර්ථික සහ වෙළෙඳ අභියෝග හමුවේ, කලාපීය සහ අන්තර්ජාතික වෙළෙඳ සම්බන්ධතා වඩාත් ශක්තිමත් ලෙස පවත්වාගෙන යාමේ වැදගත්කම, එක් තීරයක් – එක් මාවතක් (Belt and Road) මුලපිරීම යටතේ හවුල්කාර රටවල් අතර විනිවිදභාවයෙන් යුතු, තිරසාර සහ කලාපීය ආර්ථික වර්ධනයට රුකුල් දෙන නව ආයෝජන අවස්ථා නිර්මාණය කිරීම පිළිබඳ මෙහිදී අවධානය යොමු වූ අතර ශ්‍රී ලංකාව කලාපීය නාවික සහ වෙළෙඳ මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීම, දේශීය නිෂ්පාදන සඳහා නව විදේශීය වෙළෙඳපොළවල් විවර කරගැනීම, සහ අගය එකතු කළ ආයෝජන ශ්‍රී ලංකාවට ආකර්ෂණය කරගැනීම සම්බන්ධයෙන් අමාත්‍ය වසන්ත සමරසිංහ සිය අදහස් දැක්වීම සිදු කළා.

මෙම ප්‍රතිපත්ති සංවාද අංශය හොංකොං හි වාණිජ හා ආර්ථික සංවර්ධන ලේකම් Algernon Yau මහතා විසින් මෙහෙයවන ලද අතර, ශ්‍රී ලංකාවට අමතරව බංග්ලාදේශය, තායිලන්තය, කටාර්, කසකස්ථානය සහ ටිමෝර්-ලෙස්ටේ යන රටවල වෙළෙඳ හා ආර්ථික කටයුතු භාර අමාත්‍යවරුන් සහ රාජ්‍ය නියෝජිතයින් රැසක් මෙයට එක්වුණා.

මෙම සමුළුව හරහා ශ්‍රී ලංකාවේ වෙළෙඳ, නාවික සහ ආයෝජන ක්ෂේත්‍රයන්හි ඉදිරි ගමන සඳහා ජාත්‍යන්තර මට්ටමින් වැදගත් සබඳතා සහ සහයෝගිතාවන් රැසක් ගොඩනඟා ගැනීමට හැකියාව ලැබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාවේ මැති ඇමතිලා දැන් ඇ#ගෙන - ජනපති වටේ යන්න ආයේ උස්සන්න
02:54
Video thumbnail
සුන්දර හඟරන්ඔය දිය ඇල්ල ප්‍රදේශය ගැන හෙළිදරව්වක් - රාජ්‍ය නිලධාරීන්ට යන්න දෙන්නත් නැහැ
08:18
Video thumbnail
වැරැද්දක් කළාම නිවැරදි වෙන්න අවස්ථාවක් තියෙන්න ඕනි - අංගුලිමාලටත් ඒ අවස්ථාව තිබුණා
01:39
Video thumbnail
නාමල්ට සෙත් පතන්න කන්දේ විහාරයට ආ ජනතාව - ඔප්පු කළොත් අපි දණ ගහගෙන යනවා කිව්වනේ
02:19
Video thumbnail
නාමල් පුතා දුකක වැටිලා ඉන්නේ - නාමල් පුතාට අපල කාලයක් මේ
02:07
Video thumbnail
"අංගුලිමාලටත් අවස්ථාවක් දුන්නා වැරදි හදාගන්න" - සාගර කාරියවසම්
00:19
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - මිනිස්සු ඔක්කොම බයවෙලා දුවගෙන එයි
00:44
Video thumbnail
"අනේ නාමල් පුතාගේ අපල ගෙවිලා, රාජපක්ෂ පවුලටම සැනසීම ලැබේවා කියලා ඕන්න වැන්දා"
00:30
Video thumbnail
මොරටුව රත්කළ වෙ#ල්ලේ නවතම දර්ශන - මොරටුව නගර සභා සේවකයෙක්ට වෙ#
01:22
Video thumbnail
කළබලයක් නෑ හැමෝටම නීතිය සාධාරණ නම් - අපි කරන්න ඕනි දේ රජයම කරලා..ස්තූතියි
05:35