නුවරඑළිය ග්‍රෙගරිවැවේ පා වෙමින් තිබු නාදුනන පුද්ගල මළ සිරුරක් ඊයේ 06) දිනයේ හමු වූ බව නුවරඑළිය පොලිසිය පවසනවා.
නුවරඑළිය, බදුල්ල ප්‍රධාන මාර්ගයේ ග්‍රෙගරිවැවේ ජලය නානුඔයට ගලා බසින පාලමට යාබදව පුද්ගල මළසිරුරක් පා වෙමින් තිබෙන බවට එම ජලාශයේ බෝට්ටුකරුවන් විසින් පොලිසිය වෙත ලබා දුන් තොරතුරක් මත මෙම සිරුර සොයා ගෙන තිබෙනවා.
එම පුද්ගල මළ සිරුරේ අනන්‍යතාවය මේ වන තෙක් අනාවරණය වී නැහැ.
නුවරඑළිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.










