B කාණ්ඩයේ පෙරමුණ කැන්ගරුවන්ට

පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානයේ 24 වැනි තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියාව මීට ටික වේලාවකට පෙර සමත් වුණා.

නැමීබියාවට එරෙහි ව පැවති මෙම තරගය පැවැත්වුණේ නෝර්ත් සවුන්ඩ් හි දීයි.

අද තරගයේ කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියාව පළමු ව පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව කැන්ගරුවන්ගේ ඇරයුමෙන් පළමු ව පන්දුවට පහරදීමට පිටියට පිවිසි නැමීබියා කණ්ඩායම පන්දුවාර 17ක් අවසානයේ දී සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 72ක් පමණයි.

ඇඩම් සම්පා විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු 04ක් දවාගත් අතර මාර්කස් ස්ටොයිනිස් සහ හේසල්වුඩ් අතරේ කඩුලු 02ක බැගින් බිඳී ගියා.

නෙතන් එලිස් එක් කඩුල්ලයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී සිය ජයග්‍රහණය වාර්තා කළා.

ඒ පන්දුවාර 05ක් අවසාන වීමට පන්දු දෙකක් පමණක් ඉතිරිව තිබියදීයි.

නැමීබියාව වෙනුවෙන් David Wiese එක් කඩුල්ලක් බිඳ දැමුවා.

තරගයේ වීරයා සම්මානය ලකුණු 12කට කඩුලු 04ක් බිඳ දැමූ ඔස්ට්‍රේලියාවේ ඇඩම් සම්පා දිනාගත්තා.

B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පැවති තරග 03 ම ජය ගනිමින් ඔස්ට්‍රේලියාව ලකුණු 06ක් ලබා ගනිමින් ඉදිරියෙන් පසුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමා යාපනය ශ්‍රී නාග විහාරයට යයි
01:01
Video thumbnail
මොඩියුලර් ක්‍රමය නැවත ඉල්ලලා මාතර දැඩි උණුසුම් වෙයි..අපි කාටවත් කඩේ යනවා නෙවෙයි මේ
03:55
Video thumbnail
ආණ්ඩුව ගෙදර යවන්න සජබ කණ්ඩායමක් පාරට බහී
06:57
Video thumbnail
ලි#ගික අධ්‍යාපනයේ නොදැනුවත් කම නිසා අපාරාධ කීයක් නම් වෙනවද..කිසිම ප්‍රතිසංස්කරණයක් 100%ක් හරි නෑ
04:02
Video thumbnail
කවුද බොල වනචාරියා - අපිලාගේ සාදුට රතු කට්ට පනී
03:30
Video thumbnail
හාමුදුරුවනේ ඔයාට කරදරයක් නෑනේ - සීලරතන හිමි, මිහින්තලේ හිමි බැහැදකී
01:30
Video thumbnail
සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය තරුණ වෙයි..බලන්නකෝ සෙට් එකගේ තියෙන සතුට
01:31
Video thumbnail
UNP ප්‍රබලයෙක් ආප්පත් අරගෙන මිහින්තලේ හිමි බැහැ දකින්න එයි..සිවුරු ඇරපු මන්ත්‍රීවරු ගැනත් හෙළිකරයි
08:26
Video thumbnail
සජිත් අගමැතිනිව සැරටම අමතයි - උද්දච්චකමින් ඉවත්වෙන්න
07:59
Video thumbnail
රාජකාරියෙන් ඉවත්වෙන්න - ජනපති සැරවෙයි
02:10


?