B කාණ්ඩයේ පෙරමුණ කැන්ගරුවන්ට

පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානයේ 24 වැනි තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියාව මීට ටික වේලාවකට පෙර සමත් වුණා.

නැමීබියාවට එරෙහි ව පැවති මෙම තරගය පැවැත්වුණේ නෝර්ත් සවුන්ඩ් හි දීයි.

අද තරගයේ කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියාව පළමු ව පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව කැන්ගරුවන්ගේ ඇරයුමෙන් පළමු ව පන්දුවට පහරදීමට පිටියට පිවිසි නැමීබියා කණ්ඩායම පන්දුවාර 17ක් අවසානයේ දී සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 72ක් පමණයි.

ඇඩම් සම්පා විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු 04ක් දවාගත් අතර මාර්කස් ස්ටොයිනිස් සහ හේසල්වුඩ් අතරේ කඩුලු 02ක බැගින් බිඳී ගියා.

නෙතන් එලිස් එක් කඩුල්ලයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී සිය ජයග්‍රහණය වාර්තා කළා.

ඒ පන්දුවාර 05ක් අවසාන වීමට පන්දු දෙකක් පමණක් ඉතිරිව තිබියදීයි.

නැමීබියාව වෙනුවෙන් David Wiese එක් කඩුල්ලක් බිඳ දැමුවා.

තරගයේ වීරයා සම්මානය ලකුණු 12කට කඩුලු 04ක් බිඳ දැමූ ඔස්ට්‍රේලියාවේ ඇඩම් සම්පා දිනාගත්තා.

B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පැවති තරග 03 ම ජය ගනිමින් ඔස්ට්‍රේලියාව ලකුණු 06ක් ලබා ගනිමින් ඉදිරියෙන් පසුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.28
01:06:11
Video thumbnail
එජාපය මැයි 01 එන්නේ නැති එක ගැන මුජිබුර් කියයි..ඔතන පොඩි කොස්සක් තියෙනවනේ
04:38
Video thumbnail
ක්‍රිකට් අතුරුපාලක කමිටුවේ සභාපති තනතුරට ඉරාන් පත්වෙයිද ?එතුමට ක්‍රිකට් පිළිබඳ දැනුමක් තියෙනවා
03:33
Video thumbnail
අපිට අහන්න තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන සල්ලි ගේන්නේ නැද්දෝ ? l Mujibur Rahman
02:30
Video thumbnail
සූගීෂ්වර ඇතුළු සෙට් එකට දුන් අසූචි ප්‍රහාරය ගැන මුජිබුර්ට යකා නගියි..මීට වඩා දරදඬු වෙන්න පුළුවන්
02:51
Video thumbnail
අපේ එකාව බේරගන්න ගියොත් විහිළු කාරයෝ වෙනවා..පිටුපස නිල් කොළ දේශපාලන හැකර්ලා ඉන්නවා ?
03:49
Video thumbnail
මුදල් ලේකම් පත් කිරීමම වැරදියි..මේක දේශපාලන පත්වීමක් - විපක්ෂයේ ඉන්නකොට මෙහෙම නෙවෙයි කිව්වේ
07:02
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:18:22
Video thumbnail
හොරාගෙන් පේන අහන වැඩක් - නලින්දගේ ප්‍රකාශයට මුජිබුර්ගෙන් සැර කතාවක්
05:25
Video thumbnail
වෙනත් ගිණුමකට බැරවුණු මුදල ගැන විපක්ෂය දැනගෙන මුනිවත රැක්කද ?.මුජිබුර් පිළිතුරු දෙයි
02:48