ATM හොරෙක් අල්ලන්න පොලිසිය මහජන සහාය පතයි

මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජනතාවගේ සහාය ඉල්ලා සිටිනවා.

පොළොන්නරුව, ජයන්තිපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු කළුතර දකුණ පොලිස් ස්ථානය වෙත පැමිණ තමා, 2025.08.19 වන දින කළුතර නගරයේ පිහිටි බැංකුවක ATM යන්ත්‍රයෙන් මුදල් ලබා ගැනීම සඳහා පැමිණි බවත්, එහි සිටි තමා නොහඳුනන පුද්ගලයෙකුගෙන් සහාය ලබා ගත් බවත්, එම අවස්ථාවේදී එම පුද්ගලයාට තමාගේ ATM කාඩ්පත හා මුරපදය ලබා දුන් බවටත් එහිදී එම අය විසින් වෙනත් ATM කාඩ්පතක් තමාට ලබා දී පිටව ගොස් පසුව, තමාගේ ATM කාඩ්පත භාවිත කරමින් රුපියල් ලක්ෂ 02 ක මුදලක් ලබා ගෙන ඇති බවටත් පවසමින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙම සැකකරු මීට පෙරත් මේ ආකාරයෙන්ම මුදල් වංචා සිදුකිරීම සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිස් ස්ථානය හා වාද්දුව පොලිස් ස්ථානයට මෙවැනි පැමිණිලි 04 ක් වාර්තා වී ඇති අතර, මෙම සැකකරු දිවයිනේ විවිධ ස්ථානවලට ගමන් කරමින් නිරන්තරයෙන් මෙවැනි වංචා රැසක් සිදුකරන අයෙකු බවයි දැනට සිදුකරන ලද වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.

ඒ අනුව, සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙසයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක – කළුතර දකුණ – 071-8591691
ස්ථානාධිපති අපරාධ අංශය කළුතර දකුණ – 071-8594360

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
7
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ අතින් අල්ලාගෙන ආච්චිලා හඬා වැටෙයි
02:56
Video thumbnail
ඩෝබිලා උදේ ඉදන් රෑ වෙනකන් මට ගැ#වා..ගුරු තරුව ගුරුවරුන්ට ලැජ්ජයි..නම දාපු ගුරුවරු ඉල්ලා අස්වෙන්න
05:17
Video thumbnail
මේක මිනී#රුමක් - සල්ලි විසික්කරලා ජාමේ බේරාගන්න හදනවා
10:45
Video thumbnail
ATM එකට එන මිනිස්සුන්ගේ සල්ලිවලට ෂොට් එක දෙන සොරදෙටුවා..මෙම පුද්ගලයාගෙන් දුටු තැන ප්‍රවේශම්වන්න!
02:05
Video thumbnail
සහන කටයුතුවලට බාධාවෙන අයට නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා..පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
12:30
Video thumbnail
මෙන්න ලංකාවට වෙන්න යන නොසිතූ දේ..උතුරු, උතුරු මැද ,නැගෙනහිරට අද මිලි මිටර් 100ට වැඩි තද වැසි
06:22
Video thumbnail
රුසියානු තානාපතිවරයා සහ විපක්ෂ නායක අතර විශේෂ හමුවක්..දෙන්නා හිනාවෙවී ලොකු කතාවක්
02:22
Video thumbnail
ඕස්ට්‍රේලියානු ජාතික සිසුන් පිරිසක් ඇවිත් කොලොන්නාවට ෆුල් සුද්දයක් දෙන හැටි
02:31
Video thumbnail
නූතනයේ අප දුටු දොස්තර හොඳ හිත..අවතැන් වූ අපේම මිනිස්සුන්ගේ පිහිටට ආ හැටි,
01:59
Video thumbnail
"බොරු බේගල් කියලා ජනතාව නොමග යවන්න එපා"..මිනිස්සු වෙනුවෙන් රෑ දවල් නොබලා අපි වැඩ කළා
06:17


?