මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජනතාවගේ සහාය ඉල්ලා සිටිනවා.
පොළොන්නරුව, ජයන්තිපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු කළුතර දකුණ පොලිස් ස්ථානය වෙත පැමිණ තමා, 2025.08.19 වන දින කළුතර නගරයේ පිහිටි බැංකුවක ATM යන්ත්‍රයෙන් මුදල් ලබා ගැනීම සඳහා පැමිණි බවත්, එහි සිටි තමා නොහඳුනන පුද්ගලයෙකුගෙන් සහාය ලබා ගත් බවත්, එම අවස්ථාවේදී එම පුද්ගලයාට තමාගේ ATM කාඩ්පත හා මුරපදය ලබා දුන් බවටත් එහිදී එම අය විසින් වෙනත් ATM කාඩ්පතක් තමාට ලබා දී පිටව ගොස් පසුව, තමාගේ ATM කාඩ්පත භාවිත කරමින් රුපියල් ලක්ෂ 02 ක මුදලක් ලබා ගෙන ඇති බවටත් පවසමින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
මෙම සැකකරු මීට පෙරත් මේ ආකාරයෙන්ම මුදල් වංචා සිදුකිරීම සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිස් ස්ථානය හා වාද්දුව පොලිස් ස්ථානයට මෙවැනි පැමිණිලි 04 ක් වාර්තා වී ඇති අතර, මෙම සැකකරු දිවයිනේ විවිධ ස්ථානවලට ගමන් කරමින් නිරන්තරයෙන් මෙවැනි වංචා රැසක් සිදුකරන අයෙකු බවයි දැනට සිදුකරන ලද වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.
ඒ අනුව, සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙසයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක – කළුතර දකුණ – 071-8591691
ස්ථානාධිපති අපරාධ අංශය කළුතර දකුණ – 071-8594360














මුරපදය සහ කාඩ්පත නොහදුනන කෙනෙකුට දීලා වෙනින් කාඩ් එකක් දුන්නම ඒක අරගෙන ආවනම් එයා පොලිසියට නොවේ යන්න ඕනේ මානසික රෝහලකට
ප්‍රශ්නය ඔයා හිතනවට වඩා බරපතලයි. හොරා ATM කාර්ඩ් විස්සක් විතර ළඟ තියාගෙන ඉන්නේ. මාරු කරන කාඩ් එක දුන්නු කාඩ් එකට හාත්පසින්ම සමාන එකක්. මාරු කරන්නෙත් බොහොම සූක්ෂම විදිහට
Ow hoyanna puluwan bari na අමාරුයි lesi na !!! Dan anika godak kal 🌏🌏🌏🛜🛜mewata thama kiyanne Ekko minissunge mole thama laptiiii!!!! Wale wattenne wihimai දැනුවත් naha!!!! Tamunta ATM Card eke aulk thiyenwanm therernwanm Hotline yanna mkada security ekawath sure na!!! Hndama de thama Hotline ekath aulnm Bank ekema නිලධාරීන් දැනුවත් karana eka 🤣🤣🤣🤣🤣🤣🤣
අනිවාර්යයෙන්ma me wage aya ithin ane mnda owata thama Cyber Security wala Social Engineering kiyanne !!!🌏🌏🌏🌏💯🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴
ඔය වගේම හොරෙක් පිලියන්දල ලංකා බැංකුවේ මුදල් යන්ත්‍රවලින් සල්ලි ගන්න ආ විශාල පිරිසකට ක් මේ වගේම කරල තිබුන.සමහරු පොලීසියට පැමිණිලි කරා.වැඩක්වුනේ නෑ.මම ඒ වන විට බැංකුවේ ආ.නිළධාරීවරයකු ලෙස සේවය කරමින් හිටියෙ.මටත් විශාල ප්‍රශ්නයක් වුණා මේ සිදුවීම්.කාලයක්ම රැක සිට ඉරිදා
නිවාඩු දිනයක සවස මම පැමිණ එක වංචාකාරයකු පොලීසියට අල්ලා දුන්න.අන්තිමට මොකද වුනේ…සඳුදා දින කළමණාකාර තුමිය පොලීසියෙන් මේ පිලිබඳව විමසීමේදී කිව්වෙ අපූරු කතාවක්.හොරා පොලීසියට රැගෙන ගිහින් ප්‍රකාශයක් ගන්න වාඩි කරල තිබ්බ.ඔහු පොලීසියට හොරෙන් පැනලා ගිහින් කිව්ව.
Hndama de hotline !!!!
මගෙත් Debit card එකෙන් රු.80000.00 ඉක්ම වූ මුදලක් කුරුණෑගල ප්‍රදේශයේ පුද්ගලයකු විසින් විවිධ ස්ථාන වලින් භාණ්ඩ ලබාගෙන ඇති බව කුරුණෑගල පොලිස් ස්ථානයට පැමිණිල්ලක් දැම්මා 2025.10 මාසේ මම විස්තර සියල්ල ලබා දුන්නත් කුරුණෑගල පොලිසිය ඉතාමත් අලස ආකාරයෙන් ක්‍රියාකරන්නෙ කුරුණෑගල ආර්පිකෝ සුපර් සෙන්ටර් එකේ Vedio දර්ශන පවා තිබුනත් වංචාකාරයා අත්අඩංගුවට ගැනීමට මැලිකමක් දක්වනවා..
හොරා පොලිස් ද දන්නෙ නැහැ
Mnama හේතුව k නිසාවත් thamun nohdunana wishshesyenama හිතවත් bawa 100% k unath bank atm password,Google password ,Facebook denna epa!!! Mn dakala thiyenwa godak aya thamunge hithwath aya lawa atm card walin salli ගන්නවා . Dana danama wale watenna epa!!!!🔴🔴🔴🔴💯💯💯💯