ATM යන්ත්‍ර කඩා මුදල් සොරකම් කළ සැකකරු අල්ලයි

කුරුණෑගල ගැට්ටුවාන හන්දියේ සවිකර තිබූ රාජ්‍ය බැංකුවකට අයත් ATM යන්ත්‍රයක් අලුත්වැඩියා කරන මුවාවෙන් පැමිණ එය කපා රුපියල් කෝටියකට ආසන්න මුදලක් සොරකම් කළ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

33 හැවිරිදි සැකකරු එප්පාවල ප්‍රදේශයේ පදිංචි අයෙක් බවටයි අනාවරණ වී ඇත්තේ.

මෙම පුද්ගලයා බිංගිරිය ඌරතැන්න පාර ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු භාරයේ තිබී සොරකම් කරන ලද මුදල්වලින් රුපියල් හතලිස් පන් ලක්ෂ හැට දෙදහසක මුදලක් ද සොයාගෙන තිබෙනවා.

සොරකම් කළ මුදල්වලින් මිලදී ගත් රුපියල් 650,000ක් වටිනා රන් අත් පළඳනාවක් හා රන් මාලයක් රුපියල් 550,000ක් වටිනා යතුරුපැදියක් රුපියල් 370,000ක් වටිනා ජංගම දුරකථනයක් ද සොයාගෙන ඇති බවයි පොලිසිය කියාසිටියේ.

එමෙන්ම සොරකම් කළ මුදල්වලින් රුපියල් 550,000ක ණය මුදල් බේරා ඇති අතර තවත් රුපියල් 200,000කට ආසන්න මුදලක් ගමන් වියදම් සඳහා වියදම් කර ඇති බව සැකකරු හෙළිකර තිබෙනවා.

පසුගිය කාලයේ මින්නේරිය යුද හමුදා කඳවුර ඉදිරිපිට තිබූ ATM යන්ත්‍රය කඩාඩ මුදල් සොරකම් කර ඇත්තේ ද මෙම පුද්ගලයා බවට අනාවරණ වී ඇති අතර බිංගිරිය පොලිස් වසමේ ATM යන්ත්‍රයක් ද අනුරාධපුර පොලිස් වසමේ තවත් ATM යන්ත්‍ර දෙකක් ද කඩා මුදල් සොරකම් කිරීමට මෙම සැකකරු උත්සාහ කර ඇති බවට අනාවරණ වී තිබෙනවා.

එමෙන්ම එම සිදුවීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වී රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇති බව ද සඳහන්.

දින 12ක කාලයක් තුළ මෙම සොරකම සිදු කළ සැකකරු හා මුදල් සොයා ගැනීමට කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ පොලිස් නිලධාරීන්ට හැකිවී ඇති අතර සොරකම් කළ ඉතිරි මුදල් ද සොයා ගැනීමට එම කණ්ඩායම විමර්ශන සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
19ව හැවිරිදි තරුණයා එළොව යැවූ බිහිසුණු ඛේදවාචකය
01:13
Video thumbnail
සුසිල්ටත් නොතේරෙන ඒකාධිපති පාලනය ?අපිට තේරෙන්නෙත් නෑ මිනිස්සුන්ට තේරෙන්නෙත් නෑ
03:55
Video thumbnail
බන්ධනාගාර සිදුවීම් හුදෙකලා සිදුවීම් නෙවෙයි - ආණ්ඩුවේ නොහැකියාව නෙවෙයි..යථාර්තය තේරුම් ගන්න
03:37
Video thumbnail
කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටුව රැස්වෙයි
02:36
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:18
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:14
Video thumbnail
දුවන්න එපා ඔහොමම හිටපන්
01:06
Video thumbnail
කොන්ක්‍රීට් කණු කඩාගෙන ගිය ලංගම බස් රථය
00:40
Video thumbnail
පාසල් ළමුන්ට විෂ මත්ද්‍රව්‍ය සහිත මදන මෝදක අලෙවිකල ජාවාරමක් කොටු - "එක රැලට ළමයි ගිහින් ඕක කන්නේ"
05:44
Video thumbnail
වලාන රජයේ රෝහලේ අඩුපාඩු සොයා බලන්න නිලධාරීන් නිරීක්ෂණ චාරිකාවක
02:51