“API Asia තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණය – 2023” නොවැම්බර් 16 කොළඹ දී

ඩිජිටල් ආර්ථිකයක තීරණාත්මක කුලුනු තුනක් වන කෘත්‍රීම බුද්ධිය (AI), ස්මාර්ට් නගර සහ මූල්‍ය තාක්‍ෂණය (FinTech) කෙරෙහි අවධානය යොමු කෙරෙන “API Asia තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණය 2023” නොවැම්බර් මස 16 වන දා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසනවා.

‘ඩිජිටල් ආර්ථිකයකට උත්ප්‍රේරකයක් සැපයීම’ යන තේමාව ඔස්සේ වෘත්තිකයන් 500කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සම්මේලනය (FITIS) විසින් සංවිධානය කරනු ලබන අතර මෙම සම්මන්ත්‍රණය මෙරට දී පැවැත්වෙන දෙවන අවස්ථාව මෙය බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ.

එසේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන “DIGIECON Sri Lanka 2023 – 2030” වැඩසටහනට සමගාමීව මෙම සම්මන්ත්‍රණය සංවිධානය කිරීම විශේෂත්වයක් බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා මේ බව සඳහන් කර සිටියේ “API Asia තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණය 2023” පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් අද (06) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති හමුවට එක්වෙමින්.

“API Asia Conference 2023” නිල වෙබ් අඩවිය දියත් කිරීම ද මෙහිදී රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.

ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යන වැඩපිළිවෙළේදී මෙම සමුළුව මඟින් ලැබෙන දායකත්වය පිළිබඳව මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ආසියා පැසිෆික් කලාපයේ විද්වතුන් සහභාගී වන මෙම සමුළුවේ දී ඩිජිටල් පරිවර්තනය හරහා ඉහළ තරගකාරීත්වයක් සහිත වෙළෙඳපොළට ප්‍රවේශවීම සහ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ තොරතුරු තාක්ෂණ දැනුම වැඩිදියුණු කර ගැනීමට අදාළ අදහස් හුවමාරු කර ගැනීමට ද අපේක්ෂිත බවයි.

තාක්‍ෂණික ඒකාබද්ධතාව, මූල්‍ය කළමනාකරණය සහ තිරසාර සංවර්ධනයේ වැදගත්කම මෙන්ම තාක්‍ෂණ මූල්‍ය කළමනාකරණය සහ වර්ධනය ඵලදායී ලෙස කළමනාකරණය කිරීමේදී ආයතනික විධායකයින් මුහුණ දෙන අභියෝග පිළිබඳව මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනයේ (FITIS) සභාපති ඉන්දික ද සොයිසා මහතා කරුණු අවධාරණය කළා.

ව්‍යාපාර ප්‍රගතිය සඳහා උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියා කරන නවතම ප්‍රවණතා, හොඳම භාවිතයන් සහ නව්‍ය API (යෙදුම් ක්‍රමලේඛන අතුරු මුහුණත) භාවිත අවස්ථා පිළිබඳ වටිනා අවබෝධයක් මෙම සමුළුව මඟින් සපයනු ඇති බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

ආයතනවල ඩිජිටල් පරිවර්තන ප්‍රයත්නයන් සඳහා API අත්‍යවශ්‍ය බවත්, සමාජය සහ ව්‍යවසාය සේවා හරහා API හි පුළුල් බලපෑම සම්බන්ධව API Asia Conference 2023 හි සම සභාපති සංජය දයානන්ද මහතා අදහස් දක්වමින් කරුණු පැහැදිලි කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?