“API Asia තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණය – 2023” නොවැම්බර් 16 කොළඹ දී

ඩිජිටල් ආර්ථිකයක තීරණාත්මක කුලුනු තුනක් වන කෘත්‍රීම බුද්ධිය (AI), ස්මාර්ට් නගර සහ මූල්‍ය තාක්‍ෂණය (FinTech) කෙරෙහි අවධානය යොමු කෙරෙන “API Asia තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණය 2023” නොවැම්බර් මස 16 වන දා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසනවා.

‘ඩිජිටල් ආර්ථිකයකට උත්ප්‍රේරකයක් සැපයීම’ යන තේමාව ඔස්සේ වෘත්තිකයන් 500කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සම්මේලනය (FITIS) විසින් සංවිධානය කරනු ලබන අතර මෙම සම්මන්ත්‍රණය මෙරට දී පැවැත්වෙන දෙවන අවස්ථාව මෙය බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ.

එසේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන “DIGIECON Sri Lanka 2023 – 2030” වැඩසටහනට සමගාමීව මෙම සම්මන්ත්‍රණය සංවිධානය කිරීම විශේෂත්වයක් බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා මේ බව සඳහන් කර සිටියේ “API Asia තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණය 2023” පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් අද (06) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති හමුවට එක්වෙමින්.

“API Asia Conference 2023” නිල වෙබ් අඩවිය දියත් කිරීම ද මෙහිදී රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.

ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යන වැඩපිළිවෙළේදී මෙම සමුළුව මඟින් ලැබෙන දායකත්වය පිළිබඳව මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ආසියා පැසිෆික් කලාපයේ විද්වතුන් සහභාගී වන මෙම සමුළුවේ දී ඩිජිටල් පරිවර්තනය හරහා ඉහළ තරගකාරීත්වයක් සහිත වෙළෙඳපොළට ප්‍රවේශවීම සහ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ තොරතුරු තාක්ෂණ දැනුම වැඩිදියුණු කර ගැනීමට අදාළ අදහස් හුවමාරු කර ගැනීමට ද අපේක්ෂිත බවයි.

තාක්‍ෂණික ඒකාබද්ධතාව, මූල්‍ය කළමනාකරණය සහ තිරසාර සංවර්ධනයේ වැදගත්කම මෙන්ම තාක්‍ෂණ මූල්‍ය කළමනාකරණය සහ වර්ධනය ඵලදායී ලෙස කළමනාකරණය කිරීමේදී ආයතනික විධායකයින් මුහුණ දෙන අභියෝග පිළිබඳව මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනයේ (FITIS) සභාපති ඉන්දික ද සොයිසා මහතා කරුණු අවධාරණය කළා.

ව්‍යාපාර ප්‍රගතිය සඳහා උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියා කරන නවතම ප්‍රවණතා, හොඳම භාවිතයන් සහ නව්‍ය API (යෙදුම් ක්‍රමලේඛන අතුරු මුහුණත) භාවිත අවස්ථා පිළිබඳ වටිනා අවබෝධයක් මෙම සමුළුව මඟින් සපයනු ඇති බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

ආයතනවල ඩිජිටල් පරිවර්තන ප්‍රයත්නයන් සඳහා API අත්‍යවශ්‍ය බවත්, සමාජය සහ ව්‍යවසාය සේවා හරහා API හි පුළුල් බලපෑම සම්බන්ධව API Asia Conference 2023 හි සම සභාපති සංජය දයානන්ද මහතා අදහස් දක්වමින් කරුණු පැහැදිලි කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04