ANTE LECO විදුලි මීටර් නිෂ්පාදන සමාගම බලශක්ති ඇමති සමඟ සාකච්ඡාවක

විදුලිබල මණ්ඩලයට සහ ලංකා විදුලි පෞද්ගලික සමාගමට අවශ්‍ය වන එකලා විදුලි මීටර් නිපදවනු ලබන්නේ ANTE LECO මීටර් නිෂ්පාදන සමාගම ඔවුන්ගේ නව නිෂ්පාදන හඳුන්වාදීම පිළිබඳව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සමඟ ඊයේ (08) සාකච්ඡා සිදුකර තිබෙනවා.

මෙහිදී එම සමාගමේ නිළධාරීන් සමඟ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් ද බලශක්ති අමාත්‍යවරයා සාකච්ඡා කර ඇති බව සඳහන්.

මෙම වර්ෂයේ සිට එම සමාගම සිය සේවාවන් පුළුල් කරමින් තෙකලා විදුලි මීටර් සහ සුහුරු විදුලි මීටර නිෂ්පාදනය ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉදිරියේදී මෙරට සියලු එකලා, තෙකලා සහ සුහුරු මීටර් අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට මෙම සමාගමට හැකි වනු ඇති බවයි මෙම සාකච්ඡාවේ දී සඳහන්ව ඇත්තේ.

ඉදිරියේ දී විදුලි මීටර් අපනයනය කිරීම දක්වා, තම නිෂ්පාදන ධාරිතාව ඉහළ දැමීමට සිය සමාගම බලාපොරොත්තු වන බවයි එහි උසස් නිලධාරීන් මෙහිදී පවසා තිබෙනවා.

විදුලිබල මණ්ඩලයට සහ ලංකා විදුලි පෞද්ගලික සමාගමට අවශ්‍ය එකලා විදුලි මීටර් 250,000ක ප්‍රමාණයක් වාර්ෂිකව නිපදවනු ලබන්නේ ANTE LECO මීටර් නිෂ්පාදන සමාගම විසිනුයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16