spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ANTE LECO විදුලි මීටර් නිෂ්පාදන සමාගම බලශක්ති ඇමති සමඟ සාකච්ඡාවක

විදුලිබල මණ්ඩලයට සහ ලංකා විදුලි පෞද්ගලික සමාගමට අවශ්‍ය වන එකලා විදුලි මීටර් නිපදවනු ලබන්නේ ANTE LECO මීටර් නිෂ්පාදන සමාගම ඔවුන්ගේ නව නිෂ්පාදන හඳුන්වාදීම පිළිබඳව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සමඟ ඊයේ (08) සාකච්ඡා සිදුකර තිබෙනවා.

මෙහිදී එම සමාගමේ නිළධාරීන් සමඟ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් ද බලශක්ති අමාත්‍යවරයා සාකච්ඡා කර ඇති බව සඳහන්.

මෙම වර්ෂයේ සිට එම සමාගම සිය සේවාවන් පුළුල් කරමින් තෙකලා විදුලි මීටර් සහ සුහුරු විදුලි මීටර නිෂ්පාදනය ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉදිරියේදී මෙරට සියලු එකලා, තෙකලා සහ සුහුරු මීටර් අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට මෙම සමාගමට හැකි වනු ඇති බවයි මෙම සාකච්ඡාවේ දී සඳහන්ව ඇත්තේ.

ඉදිරියේ දී විදුලි මීටර් අපනයනය කිරීම දක්වා, තම නිෂ්පාදන ධාරිතාව ඉහළ දැමීමට සිය සමාගම බලාපොරොත්තු වන බවයි එහි උසස් නිලධාරීන් මෙහිදී පවසා තිබෙනවා.

විදුලිබල මණ්ඩලයට සහ ලංකා විදුලි පෞද්ගලික සමාගමට අවශ්‍ය එකලා විදුලි මීටර් 250,000ක ප්‍රමාණයක් වාර්ෂිකව නිපදවනු ලබන්නේ ANTE LECO මීටර් නිෂ්පාදන සමාගම විසිනුයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?