A4 කඩදාසි බණ්ඩලයක් අල්ලස් ලෙස ගත් කොස්තාපල්ට ඉහළ තැනකින් වැඩ වරදියි

කඩදාසි බණ්ඩලයක් අල්ලස් ලෙස ලබා ගත් පොලිස් නිලධාරියෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට කුරුණෑගල කොට්ඨාස 04 භාර සහකාර පොලිස් අධිකාරීවරයා ඊයේ (14) කටයුතු කර තිබෙනවා.

මෙලෙස සේවය තහනම් කර ඇත්තේ පොල්ගහවෙල පොලීසියට අනියුක්තව සේවය කරන පොලිස් කොස්තාපල් රියදුරෙක් බවයි වාර්තා වුණේ.

පසුගිය 02 වැනිදා අලුයම කුරුණෑගල – කො‍ළඹ මාර්ගයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පොල්ගහවෙල ප්‍රදේශයේ රථවාහන රාජකාරියේ නිරත වෙමින් සිට තිබෙනවා.

එම අවස්ථාවේ මෝටර් රථයක් අංක තහඩු පහන් නොමැතිව ධාවනය කිරීමේ වරදට එම රථය නවත්වා පොලිස් නිලධාරීන් විසින් අවවාද කර ඇති බව සඳහන්.

අනතුරුව මෝටර් රථයේ පවතින වරද නිවැරදි කර ගෙන ගෙනවිත් පෙන්වන ලෙස දැනුම් දී රියදුරුගේ බලපත්‍රය පොලිස් භාරයට ගෙන තිබෙනවා.

කුරුණෑගල – උඩවල්පොල ප්‍රදේශයේ පදිංචි එම රියදුරා තමන්ගේ වාහනයේ වරද නිවැරදි කරගෙන ඊයේ (14) සවස පොල්ගහවෙල පොලිස් ස්ථානය වෙත පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

එහිදී රථවාහන අංශයේ රැදී සිට ඇති කොස්තාපල්වරයෙක් වාහනයේ වරද නිවැරදි කර ඇත්දැයි තහවුරු කර නොගෙන රියදුරු බලපත්‍රය ලබාදීම සඳහා A4 කඩදාසි බණ්ඩලයක් ගෙනවිත් දෙන ලෙස පවසා තිබෙනවා.

අනතුරුව අදාළ පුද්ගලයා මේ සම්බන්ධයෙන් වයඹ පළාත භාර ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙත පැමිණිලි කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ඒ, අනුව වයඹ පළාත භාර ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත කුරුණෑගල කොට්ඨාස අංක 04 භාර සහකාර පොලිස් අධිකාරීවරයා විසින් විමර්ශණයක් සිදුකිරීමෙන් පසු පොලිස් කොස්තාපල්වරයාගේ සේවය අත්හිටුවීමටයි පියවර ගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
7
+1
2
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10