AFC Banner
Empty Ad
Empty Ad

A4 කඩදාසි බණ්ඩලයක් අල්ලස් ලෙස ගත් කොස්තාපල්ට ඉහළ තැනකින් වැඩ වරදියි

කඩදාසි බණ්ඩලයක් අල්ලස් ලෙස ලබා ගත් පොලිස් නිලධාරියෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට කුරුණෑගල කොට්ඨාස 04 භාර සහකාර පොලිස් අධිකාරීවරයා ඊයේ (14) කටයුතු කර තිබෙනවා.

මෙලෙස සේවය තහනම් කර ඇත්තේ පොල්ගහවෙල පොලීසියට අනියුක්තව සේවය කරන පොලිස් කොස්තාපල් රියදුරෙක් බවයි වාර්තා වුණේ.

පසුගිය 02 වැනිදා අලුයම කුරුණෑගල – කො‍ළඹ මාර්ගයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පොල්ගහවෙල ප්‍රදේශයේ රථවාහන රාජකාරියේ නිරත වෙමින් සිට තිබෙනවා.

එම අවස්ථාවේ මෝටර් රථයක් අංක තහඩු පහන් නොමැතිව ධාවනය කිරීමේ වරදට එම රථය නවත්වා පොලිස් නිලධාරීන් විසින් අවවාද කර ඇති බව සඳහන්.

අනතුරුව මෝටර් රථයේ පවතින වරද නිවැරදි කර ගෙන ගෙනවිත් පෙන්වන ලෙස දැනුම් දී රියදුරුගේ බලපත්‍රය පොලිස් භාරයට ගෙන තිබෙනවා.

කුරුණෑගල – උඩවල්පොල ප්‍රදේශයේ පදිංචි එම රියදුරා තමන්ගේ වාහනයේ වරද නිවැරදි කරගෙන ඊයේ (14) සවස පොල්ගහවෙල පොලිස් ස්ථානය වෙත පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

එහිදී රථවාහන අංශයේ රැදී සිට ඇති කොස්තාපල්වරයෙක් වාහනයේ වරද නිවැරදි කර ඇත්දැයි තහවුරු කර නොගෙන රියදුරු බලපත්‍රය ලබාදීම සඳහා A4 කඩදාසි බණ්ඩලයක් ගෙනවිත් දෙන ලෙස පවසා තිබෙනවා.

අනතුරුව අදාළ පුද්ගලයා මේ සම්බන්ධයෙන් වයඹ පළාත භාර ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙත පැමිණිලි කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ඒ, අනුව වයඹ පළාත භාර ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත කුරුණෑගල කොට්ඨාස අංක 04 භාර සහකාර පොලිස් අධිකාරීවරයා විසින් විමර්ශණයක් සිදුකිරීමෙන් පසු පොලිස් කොස්තාපල්වරයාගේ සේවය අත්හිටුවීමටයි පියවර ගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
7
+1
2
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිලිත්ගේ අපේක්ෂිකාව සහ රංජන්ගේ අපේක්ෂිකාව පැටලෙයි
Video thumbnail
KASTHIRAMA | පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂිකා භාගේශ්වරී ගුණසේකර සහ ඩීනා රසාංජලී සහභාගිවන කස්තිරම
00:00
Video thumbnail
ඩිෆෙන්ඩර් රථයක් අනතුරේ - මිනිස්සු කියන්නේ ලොහාන් රත්වත්තගේ කියලා
04:20
Video thumbnail
රංජන් තමයි හොරු අල්ලන වැඩ්ඩා
05:11
Video thumbnail
දිල්ෂාන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
02:56
Video thumbnail
පාකින් මාෆියාවට එරෙහිව හඬ නඟන කොමසාරිස්වරිය මාරු කරන්න ලෑස්තියි.මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්
05:53
Video thumbnail
ආරුගම්බේ සිදුවීම ගැන ඔබ නොහිතපු ඇඟ හිරිවැටෙන හෙළිදරව්ව මෙන්න
11:11
Video thumbnail
රනිල් ගෙදර ගියේ මාස 06කට සල්ලි ඉතුරු කරලා - වේලුකුමාර් කියයි
02:43
Video thumbnail
වසන්ත සමරසිංහ පොලිස් මාධ්‍ය ප්‍රකාශකද ? අජිත් පී.පෙරේරා අසයි
04:45
Video thumbnail
ඉරානයට දුවන්න දෙනවා අපි - ඊශ්‍රායල් අගමැති කියයි
07:38

?