හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනට පැමිණෙන දිනය මෙතෙක් තහවුරු කර නොමැති බව ඔහුගේ පෞද්ගලික ලේකම් සුගේෂ් බණ්ඩාර පවසනවා.
ලබන 24 වනදා හිටපු ජනාධිපතිවරයා දිවයිනට පැමිණෙන බව රුසියාව හිටපු තානාධිපති උදයංග වීරතුංග ප්‍රකාශ කළා. ඒ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ මිග් යානා ගනුදෙනු සම්බන්ධව ප්‍රකාශයක් ලබා දිමෙන් අනතුරුව මාධ්‍යවේදීන් කළ විමසීමකදී.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී සුගේෂ් බණ්ඩාර පැවසුවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දිවයිනට පැමිණෙන දිනය මෙතෙක් තහවුරු කර නැති බවයි.
ඉකුත් නව වන දා පැවැති නොසන්සුන්තාවයෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා සිංගප්පුරුව බලා පිටත් ව ගියා. ඉන් අනතුරුව ඔහු තායිලන්තය බලා පිටත්ව ගිය අතර ජනාධිපතිවරයා මේ වනවිටත් තායිලන්තයේ රැඳී සිටිනවා.