ජැක්සන් බලන්න මහින්ද රෝහලට

හදිසි රිය අනතුරකින් බරපතළ තුවාල ලබා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ සුවදුක් විමසීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊයේ (11) ගොස් ඇති බව වාර්තා වනවා.

මෙහිදී හිටපු ජනාධිපතිවරයා, ජැක්සන් ඇන්තනිගේ තත්ත්වය පිළිබඳව ඔහුගේ පවුලේ සාමාජිකයන් සමඟ දීර්ඝ වේලාවක් සාකච්ඡාකර ඇති බවයි දැනගන්නට ලැබුණේ.

ඔහුව සුවකර ගැනීම සඳහා හැකි සෑම උපකාරයක්ම කරන බව හිටපු ජනාධිපතිවරයා මෙහිදී පවුලේ සාමාජිකයන්ට දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.

ජැක්සන් ඇන්තනී ඇතුළු තිදෙනෙකු ගමන්ගත් කැබ් රථයක් අනුරාධපුර – තලාව මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේ දී වන අලියෙකුගේ ගැටී පසුගිය ජූලි 02 වනදා අනතුරකට ලක් වුණා.

එහිදී බරපතළ තුවාල ලැබූ ජැක්සන් ඇන්තනී ඇතුළු පිරිස ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කරණු ලැබුවා.

පසුව අසාධ්‍ය තත්ත්වයේ පසුවූ ජැක්සන් ඇන්තනී වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරුකර ඒවා තිබුණා.

කෙසේ වෙතත් මේ වනවිට ඔහු සුවය ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
92
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කලාකරුවන්ගේ සහාභාගීත්වයෙන් කරපු ටාජ් සමුද්‍ර බක් මහ උළෙල.."ආවේ නැත්තම් මට ගුටි කන්න වෙනවනේ"
09:57
Video thumbnail
ලක්ෂ 67ක් ගත්ත කෙනෙක් බෝඩ් එකක් උස්සන් ඉන්නවා ආණ්ඩුවට බෑ කියලා.. ලැජ්ජාවක් නැතුව ඉන්න පුළුවන්ද ?
02:04
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:17
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:44
Video thumbnail
ගෑණු කෙනෙක්ව මහ පාරට ඇ#ලා දාලා ගිය ත්‍රීවීල් රියදුරා
00:54
Video thumbnail
අම්මෝ කොහොමද සයිස් එක - යෝධ පිඹුරෙකු හමුවෙයි
01:13
Video thumbnail
ලැජ්ජාවක් තියෙනවා නම් අනුර ඉල්ලා අස්වෙන්න
05:25
Video thumbnail
ගෑණු කෙනෙක්ව මහ පාරට ඇ#ලා දාලා ගිය ත්‍රීවීල් රියදුරා
01:24
Video thumbnail
උඹේ පවුලම උස්සනවා බලාගනින් - අනවසර නිවසක් ඉවත්කරන්න යද්දී ඇති වූ උණුසුම් තත්ත්වය
02:10
Video thumbnail
ඇමතිවරු දැන් පිස්සු කෙ#න්නේ - මාධ්‍යට අත තියන්න එපා
06:17