spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජැක්සන් බලන්න මහින්ද රෝහලට

හදිසි රිය අනතුරකින් බරපතළ තුවාල ලබා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ සුවදුක් විමසීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊයේ (11) ගොස් ඇති බව වාර්තා වනවා.

මෙහිදී හිටපු ජනාධිපතිවරයා, ජැක්සන් ඇන්තනිගේ තත්ත්වය පිළිබඳව ඔහුගේ පවුලේ සාමාජිකයන් සමඟ දීර්ඝ වේලාවක් සාකච්ඡාකර ඇති බවයි දැනගන්නට ලැබුණේ.

ඔහුව සුවකර ගැනීම සඳහා හැකි සෑම උපකාරයක්ම කරන බව හිටපු ජනාධිපතිවරයා මෙහිදී පවුලේ සාමාජිකයන්ට දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.

ජැක්සන් ඇන්තනී ඇතුළු තිදෙනෙකු ගමන්ගත් කැබ් රථයක් අනුරාධපුර – තලාව මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේ දී වන අලියෙකුගේ ගැටී පසුගිය ජූලි 02 වනදා අනතුරකට ලක් වුණා.

එහිදී බරපතළ තුවාල ලැබූ ජැක්සන් ඇන්තනී ඇතුළු පිරිස ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කරණු ලැබුවා.

පසුව අසාධ්‍ය තත්ත්වයේ පසුවූ ජැක්සන් ඇන්තනී වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරුකර ඒවා තිබුණා.

කෙසේ වෙතත් මේ වනවිට ඔහු සුවය ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
92
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?