සංචාරක කර්මාන්තයට සෘජුවම බලපෑ ඉන්ධන අර්බුදය විසඳීමට පියවර කිහිපයක් ගෙන ඇති බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
අලුත්ගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය ප්‍රනාන්දු කියා සිටියේ සංචාරක ක්ෂේත්‍රයේ නියුතු පුද්ගලයින්ට ඉන්ධන ලබා ගැනීම සඳහා දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් 10ක් වෙන් කිරීමට කටයුතු කරමින් සිටින බවයි.
අර්බුද හමුවේ සංචාරක ක්‍ෂේත්‍රය කඩා වැටීම හේතුවෙන් එම කර්මාන්තයට සම්බන්ධ ව්‍යාපාර කළ ජනතාව දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දුන් බව අමාත්‍යවරයා සඳහන් කළේය. ඔවුන්ට ණය ගෙවීමට සහන කාලයක් ලබාදීම වැනි ක්‍රියාමාර්ග දැනටමත් ගෙන ඇති බවද අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ජුනි මාසයේදී අවසන් වූ ණය ආපසු ගෙවීමේ සහන කාලය දීර්ඝ කරන ලෙස ඉල්ලීම් රැසක් පවතින බව පැවසූ අමාත්‍යවරයා එය දෙසැම්බර් 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමට හැකි වූ බව පැවසීය. ප්‍රජාව මුහුණ දෙන ගැටලු සහ ඒ සඳහා වන විසඳුම් සම්බන්ධයෙන් ඵලදායී සාකච්ඡාවක් ආරම්භ වූ බව අමාත්‍යවරයා පැවසීය. එහිදී පෙන්වා දී ඇති කරුණු නිරාකරණය කර ගැනීමට කමිටුවක් පත් කිරීමටත්, ඔවුන් සෑම මසකම රැස්වී පියවරෙන් පියවර ගැටලු විසඳීමට කටයුතු කිරීමටත් තීරණය කළ බව අමාත්‍යවරයා පැවසීය. හිටපු රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද මෙම හමුවට එක්ව සිටියා.













