හොර අංක තහඩුවෙන් ඉන්ධන ගත් අයට ලැබුණු දඩුවම

නෙල්ලිගහමුල ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලට කුඩා ලොරි රථයකට ව්‍යාජ අංක තහඩුවක් සවි කරගෙන පැමිණ ඩීසල් ලබා ගැනීමට තැත් කිරීමේදී පොලිස් අත්අඩංගුවට පත්ව අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු ලොරි රථ රියදුරුට රු. 25,000 ක දඩයක් ගම්පහ මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා නියම කළේය.වතුරුගම, ඉඟුරුගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ලක්ෂාන් බංඩාර නමැති ලොරි රථ රියැදුරුට මෙසේ දඩ නියම කෙරුණි.

ඩීසල් ලබා ගැනීම සඳහා ඉන්ධන පිරවුම් හලට පැමිණි ලොරි රථයේ අංක තහඩුව ව්‍යාජ එකක් බවට එම ඉන්ධන පිරවුම් හලේ රාජකාරියේ නිරතව සිටි සැරයන්වරුන් විසින් අවබෝධ කරගෙන තිබේ. එම නිලධාරීන් ලොරි රථයට සවි කර ඇති අංක තහඩුව සම්බන්ධයෙන් රියැදුරුගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ දී එම ලොරියට සවිකර ඇත්තේ ගරාජයක නවතා ඇති ලොරියක අංක තහඩුවක් බවට අනාවරණය වීමෙන් අනතුරුව ලොරි රථය සහ සැකකාර රියදුරුව අත්අඩංගුවට ගෙන තිබූ බවට අධිකරණයේදී සඳහන් විය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
සාක්ෂි ගැන අහද්දි සජබ රෝහණට උත්තර නැතිවුණාද ?මෙතන කියන්න බෑ...මාව අපහසුතාවයට පත් කරන්න එපා
01:11
Video thumbnail
පැරදුණත් යන්නේ නැති තැන් මේ - කළින් හිටියේ පිල් මාරු කරපු මන්ත්‍රීවරයෙක්..දැන් හොරකම් කරන්නේ නෑ
02:37
Video thumbnail
විනිසුරුවරුන් සෙට් එකම මැ#ණොත් කොහොමද නඩු වේගවත් කරන්නේ ?නඩු ඉවර කර ගන්න සජබයෙන් දුන් විකල්ප
02:14
Video thumbnail
අපි සදාකාලිකව දේශපාලනයේ ඉන්නේ නෑ - පැරදුණොත් එළියේ..මේ යන්නේ ඒකාධිපති ගමන් මාර්ගයක්
08:58
Video thumbnail
පන්දම් අරගෙන ලිප්ටන් වට රවුම වටලයි
00:42
Video thumbnail
සජබ උද්ඝෝෂණය තිබෙන ස්ථානය නිරීක්ෂණයට ගිය සජිත් ඇතුළු පිරිස
00:45
Video thumbnail
අපි පාර්ලිමේන්තුවෙන් එළියට බැස්සා ඇමතිකම් අතහැරලා - රාජිත ආණ්ඩුවට සැරටම අමතයි
02:43
Video thumbnail
ඒකාබද්ධ වෘර්තීය සමිති පන්දම් අරගෙන ලිප්ටන් වට රවුම වටලයි - අනුර, හර්ෂ පුරප්පාඩු පුරවාපන්
01:00
Video thumbnail
කොට අයට අනිවාර්ය නැති සීට් බෙල්ට් නීතිය - අඩි හතර හමාරට අඩු අයට සීට් බෙල්ට් නීතිය අනිවාර්ය නෑ
01:00