ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි බන්දුල ගුණවර්ධන ඇමතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය. ඉන්ධන අඛන්ඩව සැපයීම තහවුරු කිරීම සඳහා උපදේශක කමිටුවක් හා නිලධාරි කමිටුවක් පත් කෙරේ. ඒ සඳහා ඇමති මණ්ඩල අනුමැතිය ලැබී තිබෙ.
ඉන්ධන ලබා ගැනීමේ දී පීඩාවට පත්ව සිටින ජනතාවට කිව් ආර් කේත වැඩසටහන මගින් ලබන මස පළමුවැනිදා සිට සහනයක් ලැබෙනු ඇතැයි ඇමතිවරයා විශ්වාසය පළ කළේය. ඉතාමත් දියුණු තාක්ෂණික ක්‍රමයක් වන කිව් ආර් කේත ක්‍රමය මේ වනවිට සාර්ථකව ක්‍රියාත්මකයි. ලක්ෂ 40 ක් ඒ සඳහා ලියාපදිංචි වී අවසන්ය.
ලංකා ගමනාගමන මණ්ඩලයට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉන්ධන සැපයේ. ලංගම බස් රථ, පෞද්ගලික බස් රථ, පාසල් බස් රථ පාසල් ළමයින් ප්‍රවාහනය කරන වෑන් රථ, ගිලන් රථ, කෘෂිකාර්මික උපකරණ සහ කර්මාන්ත සඳහා ඉන්ධන පිරවුම්හල්වලට අමතරව ලංගම ඩිපෝ 107 කින් ඉන්ධන සපයන බව බන්දුල ගුණවර්ධන ඇමතිවරයා පැවසීය.
ත්‍රිරෝද රථ කෘෂිකාර්මික යන්ත්‍ර සුත්‍ර ඒ ඒ පළාත්වල පොලිසි හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ලියාපදිංචි කර එම දත්ත ඉදිරි දින දෙක තුල බලශක්ති අමාත්‍යංශයට ඉදිරිපත් කරන්නැයි බලශක්ති ඇමතිවරයා නිලධාරීන්ට දැනුම් දී තිබෙ.
වී අලෙවි මණ්ඩලයට වී මිලදී ගැනීම සඳහා ඇමති මණ්ඩලය ප්‍රතිපත්තිමය එකගතාවක් පළ කළ බව බන්දුල ගුණවර්ධන ඇමතිවරයා මාධ්‍ය හමුවේ දී පැවසීය. දැනට පවතින පොහොර හිගය සතියක් තුල මුඵමනින්ම අවසන් වනු ඇතැයි කෘෂිකර්ම ඇමතිවරයා ඇමති මණ්ඩල රැස්වීමේ ද සඳහන් කළේය.
මේ වසරේ යල කන්නය සඳහා වී මිලදී ගැනීමට අදාල වැඩසටහන් කෘෂිකර්ම ඇමතිවරයා ඇමති මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කළ බවද ඇමතිවරයා සඳහන් කළේය.














