අරපිරිමැස්මෙන් භාවිත කරන්න, බන්දුලගේ ඉල්ලීම

ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි බන්දුල ගුණවර්ධන ඇමතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය. ඉන්ධන අඛන්ඩව සැපයීම තහවුරු කිරීම සඳහා උපදේශක කමිටුවක් හා නිලධාරි කමිටුවක් පත් කෙරේ. ඒ සඳහා ඇමති මණ්ඩල අනුමැතිය ලැබී තිබෙ.

ඉන්ධන ලබා ගැනීමේ දී පීඩාවට පත්ව සිටින ජනතාවට කිව් ආර් කේත වැඩසටහන මගින් ලබන මස පළමුවැනිදා සිට සහනයක් ලැබෙනු ඇතැයි ඇමතිවරයා විශ්වාසය පළ කළේය. ඉතාමත් දියුණු තාක්ෂණික ක්‍රමයක් වන කිව් ආර් කේත ක්‍රමය මේ වනවිට සාර්ථකව ක්‍රියාත්මකයි. ලක්ෂ 40 ක් ඒ සඳහා ලියාපදිංචි වී අවසන්ය.

ලංකා ගමනාගමන මණ්ඩලයට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉන්ධන සැපයේ. ලංගම බස් රථ, පෞද්ගලික බස් රථ, පාසල් බස් රථ පාසල් ළමයින් ප්‍රවාහනය කරන වෑන් රථ, ගිලන් රථ, කෘෂිකාර්මික උපකරණ සහ කර්මාන්ත සඳහා ඉන්ධන පිරවුම්හල්වලට අමතරව ලංගම ඩිපෝ 107 කින් ඉන්ධන සපයන බව බන්දුල ගුණවර්ධන ඇමතිවරයා පැවසීය.

ත්‍රිරෝද රථ කෘෂිකාර්මික යන්ත්‍ර සුත්‍ර ඒ ඒ පළාත්වල පොලිසි හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ලියාපදිංචි කර එම දත්ත ඉදිරි දින දෙක තුල බලශක්ති අමාත්‍යංශයට ඉදිරිපත් කරන්නැයි බලශක්ති ඇමතිවරයා නිලධාරීන්ට දැනුම් දී තිබෙ.

වී අලෙවි මණ්ඩලයට වී මිලදී ගැනීම සඳහා ඇමති මණ්ඩලය ප්‍රතිපත්තිමය එකගතාවක් පළ කළ බව බන්දුල ගුණවර්ධන ඇමතිවරයා මාධ්‍ය හමුවේ දී පැවසීය. දැනට පවතින පොහොර හිගය සතියක් තුල මුඵමනින්ම අවසන් වනු ඇතැයි කෘෂිකර්ම ඇමතිවරයා ඇමති මණ්ඩල රැස්වීමේ ද සඳහන් කළේය.

මේ වසරේ යල කන්නය සඳහා වී මිලදී ගැනීමට අදාල වැඩසටහන් කෘෂිකර්ම ඇමතිවරයා ඇමති මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කළ බවද ඇමතිවරයා සඳහන් කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්දම් අරගෙන ලිප්ටන් වට රවුම වටලයි
00:42
Video thumbnail
සජබ උද්ඝෝෂණය තිබෙන ස්ථානය නිරීක්ෂණයට ගිය සජිත් ඇතුළු පිරිස
00:45
Video thumbnail
අපි පාර්ලිමේන්තුවෙන් එළියට බැස්සා ඇමතිකම් අතහැරලා - රාජිත ආණ්ඩුවට සැරටම අමතයි
02:43
Video thumbnail
ඒකාබද්ධ වෘර්තීය සමිති පන්දම් අරගෙන ලිප්ටන් වට රවුම වටලයි - අනුර, හර්ෂ පුරප්පාඩු පුරවාපන්
01:00
Video thumbnail
කොට අයට අනිවාර්ය නැති සීට් බෙල්ට් නීතිය - අඩි හතර හමාරට අඩු අයට සීට් බෙල්ට් නීතිය අනිවාර්ය නෑ
01:00
Video thumbnail
වලංගු බලපත්‍ර තියෙන සේවිකාවන් අයාලේ පනතෙන් කොහොමද අත්අඩංගුවට ගන්නේ ?
02:58
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
සජබ උද්ඝෝෂණය තිබෙන ස්ථානය නිරීක්ෂණයට ගිය සජිත් ඇතුළු පිරිස - මරික්කාර් හතර වටේම පෙන්නයි
00:51
Video thumbnail
රටේ සියල්ල පැලවත්තට වහල් කරන්න හදන්නේ - හිතා මතා අධිකරණය විනාශ කරන්න ගෙන එන මෙවලමක්
04:39
Video thumbnail
SPA කියන හැම එකක්ම අපේ නෙවෙයි - SPA වැටලීම් ගැන පොලිසිය එක්ක සාකච්ඡා කරලා අපි විසඳගත්තා
06:38