අරගලයේ නිරත වූ තරුණයින්ගේ ඉල්ලීම වූයේ රටේ ක්‍රමය වෙනස් කිරීම බවත් එය තමන් ද පිළිගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. සියලු දෙනාට රටේ නීතියට අනුව සාමකාමී විරෝධතා වලට සහභාගි වීමේ අයිතිය පවතී.
විවිධ දක්ෂතා ඇති තරුණ තරුණියන් අරගලයට එක්ව සිටිනු තමා දුටු බව වික්‍රමසිංහ මහතා පවසයි. තමා රට භාර ගත්තේ අසීරු තත්ත්වයක පවතින අවස්ථාවක ය. ආර්ථික අර්බුදය ජය ගනිමින් රට ඉදිරියට ගෙන යාමට පියවර රැසක් මේ වන විට ගෙන ඇති බවද ඔහු සඳහන් කළේය. සිරිකොත මන්දිරයේ කාර්ය මණ්ඩලය සමඟ ඊයේ පැවැති හමුවකදි ඔහු මේ බව පැවසුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
12














