අරගල භූමියේ දැන් සිටින අය ගැන ප්‍රසන්න රණතුංගගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

තමා වයසට යාමේදී අමතක වීමේ රෝගයක් වැළඳුණ හොත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට සමුදෙන බවත් අරගල භූමියේ දැන් සිටින්නේ පිස්සන්, කුඩු කාරයන් පිරිසක් පමණක් බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසීය.

හෙතෙම මේ බව අවධාරණය කළේ අද (27) පාර්ලිමේන්තුවේදී හදිසි නීතිය ගැසට් නිවේදනය සම්බන්ධයෙන් පැවැති විවාදයේදීය.

ජනපති මන්දිරයේ තිබූ පෞරාණික ඡායාරූපවල අත්සන් තැබූ පිරිසකගෙන් මේ රටට කුමන විමුක්තියක් දැයි ඔහු ප්‍රශ්න කළ අතර ආර්ථික ප්‍රශ්නයෙන් පීඩාවට පත්ව සිටින මේ රටේ ජනතාව අරගලයට හදවතින්ම බද්ධ වුණු නමුත් අරගලකරුවන්ගෙන් අසීලාචාර හැසිරීමක් ඔවුන් කිසිවිටෙකත් බලාපොරොත්තු නොවුණු බවත් අරගලකරුවන්ගේ පිස්සු වැඩ නිසා ජනතාවට දැන් අරගලය එපාවී ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

රටේ හමුදාවට සහ පොලිසියට අරගලකරුවන් සැලකුවේ පහත් ආකාරයට බවත් අරගලය මැද ක්‍රියාත්මක වූ ප්‍රචණ්ඩත්වය මැඩ පැවැත්වීමට ගත් උත්සහය සම්බන්ධයෙන් යුද හමුදාවට සහ පොලිසියට ස්තුතිය පුද කරන බවත් හෙතෙම එහිදී ප්‍රකාශ කළේය.

අරගලකරුවන්ගේ ප්‍රචණ්ඩත්වය කෙසේ හෝ පාලනය කළ යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?