අරගල භූමියේ දැන් සිටින අය ගැන ප්‍රසන්න රණතුංගගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

තමා වයසට යාමේදී අමතක වීමේ රෝගයක් වැළඳුණ හොත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට සමුදෙන බවත් අරගල භූමියේ දැන් සිටින්නේ පිස්සන්, කුඩු කාරයන් පිරිසක් පමණක් බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසීය.

හෙතෙම මේ බව අවධාරණය කළේ අද (27) පාර්ලිමේන්තුවේදී හදිසි නීතිය ගැසට් නිවේදනය සම්බන්ධයෙන් පැවැති විවාදයේදීය.

ජනපති මන්දිරයේ තිබූ පෞරාණික ඡායාරූපවල අත්සන් තැබූ පිරිසකගෙන් මේ රටට කුමන විමුක්තියක් දැයි ඔහු ප්‍රශ්න කළ අතර ආර්ථික ප්‍රශ්නයෙන් පීඩාවට පත්ව සිටින මේ රටේ ජනතාව අරගලයට හදවතින්ම බද්ධ වුණු නමුත් අරගලකරුවන්ගෙන් අසීලාචාර හැසිරීමක් ඔවුන් කිසිවිටෙකත් බලාපොරොත්තු නොවුණු බවත් අරගලකරුවන්ගේ පිස්සු වැඩ නිසා ජනතාවට දැන් අරගලය එපාවී ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

රටේ හමුදාවට සහ පොලිසියට අරගලකරුවන් සැලකුවේ පහත් ආකාරයට බවත් අරගලය මැද ක්‍රියාත්මක වූ ප්‍රචණ්ඩත්වය මැඩ පැවැත්වීමට ගත් උත්සහය සම්බන්ධයෙන් යුද හමුදාවට සහ පොලිසියට ස්තුතිය පුද කරන බවත් හෙතෙම එහිදී ප්‍රකාශ කළේය.

අරගලකරුවන්ගේ ප්‍රචණ්ඩත්වය කෙසේ හෝ පාලනය කළ යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිලාගේ සාදුගේ මැයි රැළියේ කට්ටිය ගත්තු ආතල් එක
01:31
Video thumbnail
දුමින්දගේ කතාව මැද දුමින්ද ළඟට එක පාරම කඩා පැන්න පුද්ගලයා..දැන් රැවටුණා ඇති නැගිටින්න සූදානම් වෙන්න
11:35
Video thumbnail
පුළුවන් නම් සජබයේ එක්කෙනෙක්ව ඇතුළට දාලා පෙන්නන්නකෝ
06:52
Video thumbnail
මේ ආණ්ඩුව කුණුවෙලා ඉවරයි..වළේ දාන්න තියෙන්නේ..අපේ අහිංසකයෝ දෙන්නෙක් ඇතුළේ
08:56
Video thumbnail
චාමර සම්පත් ආණ්ඩුවට හොඳම එකෙන් දෙසයි..අධිකරණ ඇමතියා ජෝන් සීනා වගේ..ලැජ්ජයි යකෝ තෝ
05:57
Video thumbnail
සජිත් රනිල්ට ප්‍රසිද්ධියේම ස්තූති කරයි - අපි එකතුවෙලා හමාරයි
15:17
Video thumbnail
සජිත්ගේ කතාව අතර මිනිස්සු පෝළිමට පිටව යයි..මේ මොකද මේ ඔක්කොම හිස්වෙලා
01:21
Video thumbnail
උඹලගේ හොරකම් ඔක්කෝම අපි හෙළිකරනවා - මරික්කාර් සැර වෙයි
07:23
Video thumbnail
හර්ෂ ආණ්ඩුවට දාපු කින්ඩියෙන් හැමෝටම හිනා
06:37
Video thumbnail
ජනපති අනුර ජනතාවගේ උණුසුම් මැද මහරගම NPP රැළියට එයි..මිනිස්සු නැගිටලා ප්‍රීති ඝෝෂා නගයි
01:25